විටෙක ගායකයෙක් විටෙක ගීත රචකයෙක් ලෙසින් භූමිකාව පෑ ජිමී බෆට් මෙලොවින් සමුගනී!

Date:

ඇමරිකානු ගායක-ගීත රචක මෙන්ම ප්‍රකෝටිපති ව්‍යාපාරික ජිමී බෆට් (76) විය පසු කරමින් තම ජීවන ගමනට සමු දීය.

ඔහු අවසන් හුස්ම හෙළන තුරුම ඔහුගේ ජීවිතය ගීතයක් මෙන් යැයි හඟවමින් ගත කළ බවක් සඳහන් වේ.

“සැප්තැම්බර් 1 වන දින රාත්‍රියේ ජිමී ඔහුගේ පවුලේ අය, මිතුරන්, සංගීතය සහ බල්ලන් වට කර සාමකාමීව මිය ගිය බව පෙර කල ට්විටර් ලෙස හැඳින්වූ X හි ඔහුගේ ගිණුමෙහි මෙලෙස සටහන් කර තිබිණි.

ජිමී බෆට් උපත ලැබුවේ එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ නමුත් හැදී වැඩුණේ අසල්වැසි ඇලබාමා හි ය. ඔහු සංගීත හා විනෝදාස්වාද සඟරාවක් වන Billboard සඳහා සේවය කළේය.

Billboard Hot 100 ශ්‍රේණිගත කිරීම්වල සති 22ක් තිස්සේ රස විඳි Margaritaville ගීතය ඇතුළත්, 1977 දී ඔහුගේ ඇල්බමය වන Changes in Latitudes, Changes in Attitudes සමඟින් බෆට් ඔහුගේ සංගීතමය ඉදිරි ගමනට මුල පිරීය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...