*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

අගනුවර ඇති සම්පත් උතුරු නැගෙනහිර පළාත්වලටත් හිමි කර දීම මගේ අරමුණ යි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර පළාත් දෙකේ ජනතාවට පශ්චාත් යුධ සමයේ පවා සංවර්ධනයක් නොලැබුණු බවත් මේ මොහොතේ රට බංකොලොත් වී රටේ ආර්ථික ක්‍රියාවලිය අකර්මන්‍ය වන විට උතුරේ ද එය පහත වැටී ඇති බවත් බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදනයට 42%ක දායකත්වයක් ලබා දෙන විට උතුරු නැගෙනහිර පළාත්වලින් 5% අඩු දායකත්වයක් ලැබෙන බවත් මේ නිසා මෙම අසමතුලිතභාවය නැති කර මේ පළාත් සංවර්ධනය කිරීමට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යහපාලන රජය සමයේ එවක ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මේ ගැන යෝජනා කළත් ඔවුන් තැකීමක් නොකළ නිසා තමා බලයට පත් වූ විගස ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා ඒ හරහා උතුරු නැගෙනහිර හා රටම ගොඩ ගන්නා බවත් උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම තමාගේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී යාපනය ජනමාධ්‍යවේදීන් සමඟ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

එසේම සෑම පළාතකටම සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවත් ඡන්දය දුන් ජනතාවත් පාලකයාත් අතර සම්බන්ධතාවක් ඇති කිරීම මෙහි දී සිදුවන බවත් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා විශ්වාස කරන ආකාරයට ජාතින් අතර ආගම් අතර ඇති විවිධ ගැටුම් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවත් බංකොලොත් වීමට පෙර රටේ තිබු තත්ත්වය දන්නා නිසා නීති රීති, සමාජ රටා, සංස්කෘතිය, දේශපාලන නායකත්වයෙන් ලබා දෙන පණිවිඩය ආදී ක්‍රමවේද යොදා ගෙන කිසිම ජාතියකට ආගමකට අයත් අන්තවාදයකට ඉඩ නොතැබිය යුතු බවත් සෑම ජාතියකටම ආගමකටම සමාන අවස්ථා හිමිවිය යුතු බවත් එය තමාගේ අරමුණ බවත් දහම් අධ්‍යාපනය හරහා මෙය සිදු කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා සමාජ ඒකාග්‍රතාව, මිත්‍රශීලීත්වය ප්‍රවර්ධනය කිරීම අප රටට ඇති ලොකුම ශක්තිය බවත් මේ එකතුව හරහා සෞභාග්‍ය කරා යා හැකි බවත් සඳහන් කළේය.

තමා ආරක්ෂා කරන්නේ රටත් ජනතාවත් මිස හොරුන් ආරක්ෂා නොකරන බවත් අවස්ථාවාදී දේශපාලනය තමා ළග නොමැති බවත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තමා යහපත් රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කර නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන බවත් එම නීතියේ ආධිපත්‍ය අනුව ඕනෑම පුද්ගලයකුට වරදක් කළ විට දඩුවම් ලබා දෙන බවත් කිසිදු හොරෙකුට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කිසිදු අයකුට බාර් පර්මිට්, බියර් පර්මිට් ඇතුළු වරදාන වරප්‍රසාද දෙන බවට පොරොන්දු වී නොමැති බවත් තමා සමග එකතු වී සිටින සියලු දෙනාම සිටින්නේ ප්‍රතිපත්ති මත මිස මුදල් මත නොවන බවත් පක්ෂයට ලැබෙන සියලු ආධාර වැය කළේ මන්ත්‍රීවරුන් මිල දී ගන්න නොව සක්වල හා සුහුරු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බවත් දේශපාලන බිලී බා ගැනීමේ සංස්කෘතිය තමා ළඟ නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එමෙන් ම තමා තනතුරුවලට පුද්ගලයන් තෝරා ගන්නේ සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි කතෝලික, දෙමළ, හින්දු, ඉස්ලාම්, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජාති ආගම් ගැන සිතා නොව දක්ෂතාව නිපුණතාව මත පමණක් බවත් යාළු හිතවත්කම්වලට කිසිදු තනතුරක් ලබා නොදෙන බවත් කුසලතාව, ප්‍රතිඵල, දක්ෂතාම මත පමණක් තනතුරු ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ පාසල් 10096කට රජයෙන් මෙන්ම පළාත් සභා අරමුදල්වලින් දියුණු කළ නොහැකි නිසා නව ක්‍රමවේද අවශ්‍ය බවත් තමා ඊට අදාළ නිසි සැලසුමක් සකස් කර ඇති බවත් ජනාධිපතිවරයාට මෙය නොතේරෙන නිසා බොරු කියමින් යන බවත් මහපොළොවේ පය ගසා ජිවත් වන තමා පාසල්වල සත්‍ය දන්නා නිසා මේ තත්ත්වයෙන් පාසල් ගොඩ ගැනීමට නම් දක්ෂයෝ අවශ්‍ය බවත් පවුල් දේශපාලනය හෝ පවුල් සම්බන්ධතා මත තනතුරු ලබා දීම තමා ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan