BREAKING NEWS- ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 , කොළඹ (LNW):

එළැඹෙන 2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එහි තොරතුරු පහතින්.

ඒ අනුව, සාමාන්‍ය සෙබල/සාමාන්‍ය නැවි/ගුවන්බට යන තනතුරුවල IIIශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, IIශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හාI ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ.

ලාන්ස් කොප්‍රල්/බලනැවි/නායක ගුවන්බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 11,860ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 12,160කින් ඹූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 12,460කින් ඉහළ නැංවේ.

කොප්‍රල්/නායකනැවි/කොප්‍රල්යන තනතුරුවල IIIශ්‍රේණියේ වැටුප රුපියල් 12,460කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 12,760ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 13,130කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 13,500කින් ඉහළ නැංවේ.

සැරයන්/සුළු නිලධාරී/ සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 13,500කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 13,870ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 14,240කින් වැටුප් වැඩිවීම සිදුවේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 14,610කින් ඉහළ නැංවේ.

මාණ්ඩලික සැරයන්/ ප්‍රධාන සුළු නිලධාරී/බල පන්ති සැරයන් යන තනතුරුවල IIIශ්‍රේණියේ වැටුප රුපියල් 14,240කින්, IIශ්‍රේණිය සඳහා රුපියල් 14,610ක් හා Iශ්‍රේණිය සඳහා රුපියල් 15,105කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 15,600කින් ඉහළ නැංවේ.

බලලත් නිලධාරී II/ සමුහ ප්‍රධාන සුළු නිලධාරී/ බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 16,095කින්, IIශ්‍රේණිය සඳහා රුපියල් 16,590ක් හා Iශ්‍රේණිය සඳහා රුපියල් 17,085කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,580කින් ඉහළ නැංවේ.

බලලත් නිලධාරී I/පාලක ප්‍රධාන සුළු නිලධාරී/ ප්‍රධාන බලලත් නිලධාරී යන තනතුරුවල IIIශ්‍රේණියේ වැටුප රුපියල් 19,725කින්, IIශ්‍රේණිය සඳහා රුපියල් 20,385ක් හා Iශ්‍රේණිය සඳහා රුපියල් 21,045කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 21,705කින් ඉහළ නැංවේ.

කැඩෙට් නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13,500කින් ද, මධ්‍ය නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13,870කින් ද, 2 වන ලුතිනන් (කැඩෙට්)/ පියාසර නිලධාරී (කැඩෙට්) යන තනතුරුවල මූලික වැටුප රු. 19,725කින් ද ඉහළ නංවා තිබේ.
2 වන ලුතිනන් (කැඩෙට් නොවන)/ පියාසර නිලධාරී (කැඩෙට් නොවන) යන තනතුරුවල මූලික වැටුප රු. 23,025කින් ඉහළ නැංවේ.

ලුතිනන්/උප ලුතිනන්/ පියාසර නිලධාරී වන තනතුරුවල මූලික වැටුප රු. 28,855කින්ද, උපකරණ පාලක තනතුර සඳහා වන මූලික වැටුප රු. 30,220කින් ද, කපිතාන්/ ලුතිනන්/ පියාසර ලුතිනන් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 37,045කින් ද ඉහළ නැංවේ.

මේජර්/ ලුතිනන් කමාන්ඩර් /ස්කොඩ්‍රන් ලීඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 42,505කින් ඉහළ නැංවේ.
ලුතිනන් කර්නල් / කමාන්ඩර් /වින්ග් කමාන්ඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 44,175කින් ඉහළ නැංවේ.
කර්නල් / කපිතාන් / ගෘප් කැප්ටන් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 58,095කින් ඉහළ නැංවේ.

බ්‍රිගේඩියර් / කොමදෝරු / එයාර් කොමදෝරු යන තනතුරු සඳහා මූලික වැටුප රු. 62,555කින් ඉහළ නැංවේ.
මේජර් ජනරාල් / රියර් අද්මිරාල් / එයාර් වයිස් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රුපියල් 71,000කින් ඉහළ නැංවේ.
ලුතිනන් ජනරාල් / වයිස් අද්මිරාල් / එයාර් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 76,300කින් ඉහළ නැංවේ.
ජනරාල් / අද්මිරාල් / එයාර් චීෆ් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 84,700කින් ඉහළ නැංවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...