නීතිය අවභාවිතා කළ ගොඩාක් දෙනා හිරගෙදර කූරු ගණිනවා. එයාලාට හොඳම ඡන්ද ලකුණ බන්ධනාගාරය – ඇමති නලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂයේ දේශපාලනඥයින් ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානගතව තරග වදින්නේ නම් ඔවුන්ට හොඳම ඡන්ද ලකුණ බන්ධනාගාර ලකුණ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“නීතිය අවභාවිතාවේ යොදවපු ගොඩක් දෙනා හිරගෙදර කූරු ගණිනවා. ඒකට අපට කරන්න දෙයක් නෑ. ඒක වත්මන් පාලනය වන අපිටත් විශේෂයෙන්ම වැදගත්. මොකද අපිත් දැන් එක පාරක් දෙකක් තුනක් නෙවෙයි දහපාරක් හිතලා තමයි දේශපාලන තීන්දු තීරණ ගන්නේ”

“ඔය එකතුවීම මතුපිටින් පෙනෙන්නේ අද වුණාට මේ තොරණේ පිටිපස්සේ ඔක්කොම එකතැනක ඉන්නෙ කියලා අපි ගොඩක් කල් ඉඳලා කියනවා. වෙන්වෙලා හොරකම් කරලා එක්වෙලා බේරාගන්න උත්සාහ කරනවා නම් ඒක හරියන්නෙ නෑ. ඉතිහාසයේ ඔයාලා එහෙම කළාට අනාගතයේ එහෙම කරන්න බෑ. ඔයාලාට ගොඩාක් හිමිතැන තමයි බන්ධනාගාරය. මං හිතන්නේ ඉස්සරහට එකතුවෙලා ඡන්දයකට එනවා නම් බන්ධනාගාර ලකුණ තමයි හොඳම ලකුණ”

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Air France, KLM ඩුබායි, ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිගට ගුවන් ගමන් නවතා දමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග කලාපයේ...