අපි බලයට එද්දී තිබුණාට වඩා දැන් ඩීසල් ලීටරයක් රුපියල් 120කින් අඩුකරලා තියෙන්නේ – ඇමති නාමල්ගෙන් අලුත් ගණන් හැදිල්ලක් !

Date:

ජාතික ජන බලවේගයේ රජය බලයට පැමිණීමට පෙර පැවති ඩීසල් මිලට වඩා මේ වනවිට ඩීසල් ලීටරයක් රුපියල් 120 කින් මිල අඩුකර ඇති බවත් එම මිල අඩුකිරීමේ වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට හිමිවිය යුතු බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ඉන්ධන මිල අඩුවෙලා තියෙනවා. අච්චරකින් අඩුවුණා, මෙච්චරකින් අඩුවෙලා, මෙහෙම අඩුවුණේ කියලා ගණන් හදනවා වෙනුවට අපි මේක බැලුවොත්, අපි ආණ්ඩුව ගන්නකොට ඩීසල් ලීටරයක් තිබුණෙ රුපියල් 363 ට. දැන් වර්තමාන මේ මිල අඩුකිරීමත් එක්ක ගත්තාම ඩීසල් ලීරයටක් වෙන්නෙ රුපියල් 283 යි. එතකොට අපි ආණ්ඩුව ගන්නකොට තිබුණු මිලයි දැන් මිලයි සංසන්දනය කළොත් එහෙම රුපියල් 120 කින් ඩීසල් මිල අඩුවෙලා තියෙනවා. පෙට්‍රලුත් ඒ විදියට අඩුවෙලා තියෙනවා, ඊළඟට භූමිතෙල් එහෙමත් අඩුවෙලා තියෙනවා. එහෙම නම් මේ ඉන්ධන වර්ග හැම එකක්ම අපි ආණ්ඩුව ගන්නකොට තිබුණු තත්වයට වඩා සැලකියයුතු පංගුවකින් මිල අඩුවෙලා තියෙනවා. ඉන්ධන මිල වැඩිවෙනකොට වේගයෙන් අනිත් දේවල්වල මිල වැඩිවෙනවා, හැබැයි ඉන්ධන මිල අඩුවෙනකොට ඒ වේගයෙන්ම ජනතාව සහන ලැබෙන ආකාරයට අඩුවීමේ ප්‍රවණතාවයක් දකින්න නැහැ. ඉතින් ඒ නිසා ජනතාවට මේ සහනය අනිවාර්යයෙන්ම යන්න ඕනෙකම තියෙනවා”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ 2025 සැප්තැම්බර් මාසයේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියේ 2024 සැප්තැම්බර් මාසයේදී වන අතර ඒ වනවිට ඩීසල් ලීටරයක මිල පැවතියේ රුපියල් 307ක් වශයෙනි. 2025 සැප්තැම්බර් මාසයට අදාළව නිකුත් කර ඇති මිල සංශෝධනය අනුව වර්තමාන ඩීසල් ලීටරයක මිල රුපියල් 283 කි. ඒ අනුව වත්මන් ආණ්ඩුව යටතේ ඩීසල් මිල අඩුවී ඇත්තේ රුපියල් 24 කින් මිස නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි රුපියල් 120 කින් නොවේ.

අනෙක් අතට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන ආකාරයට ඔවුන් බලයට එද්දී ඩීසල් මිල පැවතියේ රුපියල් 363ක් ලෙසය කියා සිතුවත් (එය වැරදි වුවත්) එයින් 283ක් අඩු කළ විට ලැබෙන පිළිතුර 80ක් මිස 120ක් නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...