ලංකාවේ කවුරුත් නොගිය තැනකට රනිත්මා පැමිණෙයි – විරේන්ටත් 58 වන තැන

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරිය සහ සූරයා වන රනිත්මා ලියනගේ සහ විරේන් නෙත්තසිංහ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වල විශාල ප්‍රගතියක් පෙන්වා පෙරට පැමිණ ඇත.ඒ අතිරින් රනිත්ම මේ දක්වා කිසිඳු ලාංකිකයෙකුට පැමිණෙන්නට නොහැකි වූ සේ කණිෂ්ඨ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදී පස්වන ස්ථානය දක්වා ඉදරියට පැමිණ ඇත්තේ. ජ්‍යෙෂ්ඨ හෝ කණිෂ්ඨ ලාංකේය ක්‍රීඩිකාවකට ළගා වීමට නොහැකි ස්ථානයකට පැමිණෙමින්ය. මීට පෙර ඇය සිටියේ නවවන තැනය.එසේම ඇය කාන්තා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතර ද ස්ථාන 10 ක් පෙරට පැමිණ 101 වන ස්ථානය දක්වා පෙරට පැමිණ ඇත.

විරේන් නෙත්තසිංහ ද ගෙවුණු කාලයේ ජාත්‍යන්තර පිටියේ ඉහළ දස්කම් දැක් වූ අතර ඔහුද සිය ජගත් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 18 ක් පෙරට පැමිණ නවතම ශ්‍රේණිගත කිරීම්වල 58 වන තැන පසු වෙයි.මෙම නවතම ශ්‍රේණිගත කිරීම් සිඳු කර ඇත්තේ 2025 සැප්තැම්බර් 2 වන දා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...