නිශ්මං රණසිංහ සැප්තැම්බර් 03, කොළඹ LNW:
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයක නිරත ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමු තරගයේදී පරාජයට පත් වුව ද දෙවන තරගය ජයග්‍රාහී ලෙස නිමා කරන්නට සමත් විය.ප්‍රථම තරගයේදී කවීජ ගමගේ වටිනා ශතකයක් ලබා ගත්තද අවසාන භාගයේදී දුවද්දී දැවී යාම් දෙකක්ම වාර්තාවීම කවීජගේ උත්සාහය ව්‍යර්ථ කරන්නට සමත් විය.
එහෙත් දෙවන තරගයේදී යාපනය හාර්ට්ලි විද්‍යාලයෙන් කණ්ඩායමට පැමිණි 17 හැවිරිදි විග්නේෂ්වරන් ආකාශ් ලකුණු 30 ට කඩුලු 3 ක් දවා ගනිමින් කොදෙව් පිතිකරුවන්ට දැඩි තර්ජනයක් ඇති කරන්නට සමත් විය.විරාන් චමුදිත ලකුණු 21 ට කඩුලු 2 ක් සහ කවීජ ගමගේ 28 ට කඩුලු 2 ක් දවා ගනිමින් පෑ දස්කම් හේතුවෙන් කොදෙව් බල ඇණිය ලකුණු 201 ට සීමා විය.
එහෙත් ප්‍රථම ජයෙන් උද්දාමයට පත්ව සිටි කොදෙව් තරුණයින් එම ලකුණු 201 ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් බවට පත් කිරීමට ප්‍රබල උත්සාහයක නියැළිණ.එහෙත් අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි සෙත්මික සෙනවිරත්න දිරිමත්ව එම අභියෝගයට මුහුණ දෙමින් 48 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 9 ක් දැවී ලකුණු 204 ක් කිරීමට පෙරමුණ ගත්තේ ඔහුගේ නමට නොදැවී ලකුණු 20 ක් ද එකතු කර ගනිමින්ය.ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක විමත් දින්සර ලකුණු 45 ක් එක් කරන්නට සමත් විය.
පළමු තරගයේ ලකුණු සටහන පෙන්නුම් කරන්නේ ජයග්‍රහණය කිරීමේ උවමනාව ඇති සහ එය කිරීමට හැකිකමට ශ්‍රී ලංකා තරුණයන්ගෙන් එකතු නොවුණු සැළසුම්සහගත සහ ඉවසිලිවන්තභාවයය.විශේෂයෙන්ම පළමු තරගයේදී දුවද්දී දැවී යාම් දෙක කළමණාකරණය කර ගන්නට ලැබුණේනම් එම තරගයේ ජය ද ශ්‍රී ලංකාව සතු වෙන්නට තිබිණ.දෙවන තරගයේදී අඩු ලකුණු පූවරුවකට ළඟා වීමේදී ඉවසීම සහ සැළසුම් සහගත බව නොවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ අනවශ්‍යය පීඩනයක් ළඟා කර ගත්හ.ඒ සියල්ලම සමඟ මෙහිදී ජයග්‍රහණය සඳහා ශක්තිමත්ව කටයුතු කළ සහ පරාජය නොවී සිටින්නට ශක්තිමත්ව සටන් කළ කොදෙව් තරුණයන්ගේ හැකියාවද ඇගයීමට ලක් විය යුතුව ඇත.
තෙවන තරගය සැප්තැම්බර් 4 දා පැවත්වීමට නියමිතය.පහතින් පළමු සහ දෙවන තරගවල ලකුණු පුවරුවලට පිවිසෙන්නට හැකියාව ඇත.
පළමු තරගය
https://bit.ly/4mUd5Jt
දෙවන තරගය
https://bit.ly/4mKR6EV
