චීනයේ 80 වන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවය අභිමානවත්ව බෙයිජිංහි දී!

Date:

කොළඹ LNW: ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ ප්‍රධාන අනුස්මරණ උත්සවය අද (03) උදෑසන චීනයේ බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් .

මෙම සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ හමුදා ආචාර පෙළපාළියක් පැවැත්වුණා. එය එරට ඉතිහාසයේ විශාලතම හමුදා පෙළපාලිය ලෙසයි සැලකෙන්නේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේ ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහිපත් කර සාමය අගයන දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ යුතු බවයි. එමෙන්ම චීන ජාතිය යනු කිසිදු ප්‍රචණ්ඩත්වයකට බිය නොවන ශ්‍රේෂ්ඨ ජාතියක් බව ද ඔහු ප්‍රකාශ කළා. අනතුරුව ජනාධිපතිවරයා හමුදා ආචාර පෙළපාලිය නිරීක්ෂණය කළා. සැමරුම් උත්සවයට සමගාමී විශේෂ හමුදා ආචාර පෙළපාළිය පැවැත්වුණේ ඉන් පසුවයි.

ලෝකයේම අවධානය දිනා ගත් මෙම හමුදා පෙළපාලියට යුද, ගුවන් පාබල ආදී හමුදා උත්තමාචාර මෙන්ම විශේෂ යුධ උපකරණ සහ ගුවන් යානා ප්‍රදර්ශනයක් එක්ව තිබුණා.

“පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු” යන්න එහි ප්‍රධාන තේමාවයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන්, විදේශීය රාජ්‍ය නායකයෝ සහ රජයේ ප්‍රධානීහූ 26 දෙනෙක් මෙම උත්සවයට සහභාගී වී සිටියා.

වසර අසූවකට පෙර, වසර 14ක දුෂ්කර අරගලයකින් පසු, චීන ජාතිය ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ සම්පූර්ණ ජයග්‍රහණය ප්‍රකාශය‍ට කළා. චීනය, දැවැන්ත ජාතික කැපකිරීම් සිදු කරමින්, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ නැගෙනහිර ප්‍රධාන සටන් බිමට සහාය දුන් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සඳහා ඓතිහාසික දායකත්වයක් ලබා දුන්නා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP එක නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වය වපුරනවා – නාමල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : ජාතික ජන බලවේගය...

රජයට රු. කෝටි 12කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : රජයට රුපියල්...

අදත් වෙඩිතැබීමක් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW: ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු...

රාජිත අල්ලස් කොමිසමට!

කොළඹ LNW: අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...