නිශ්මං රණසිංහ සැප්තැම්බර් 03, කොළඹ LNW:
ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික ක්‍රීඩා පාලන පනත් කෙටුම්පත ක්‍රීඩාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බලපෑම් ඇති කරනු ඇති බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කණස්සල්ලට පත්ව ඇති බව වාර්තා වෙයි.ඒ තත්ත්වය යටතේ අයිඕසී මේ වන විට ඉන්දියාවේ ක්‍රීඩාවට සම්බන්ධ කොටස් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙයි.
යම් ආකාරයකට ඉන්දියාවේ අහමදාබාද් ඔලිම්පික් සිහිනයටද අනතුරුදායක මේ තත්ත්වය නිසා ඉදිරියේදී ඉන්දියාවට සිය පණත සම්බන්ධයෙන් පියවරක් පසුපසට ගැනීමට සිඳුවේද යන්න සහ ඉන්දීය ක්‍රීඩා බලධාරීන්ට අයිඕසී එකඟතාවය ඇති කර ගැනීමට හැකිවේද යන්න මත ඉන්දියාවේ ජාත්‍යන්තර ඔලිම්පික් ගණුදෙනුව තීරණය වනු ඇත.
ඉන්දිය ඔලිම්පික් කමිටු සභාපතිණිය පීටී ඌෂා මෙම පනතට කැමත්ත ප්‍රකාශ කර ඇතත්,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊට එකඟ වී නැති බව පෙනෙන්නට තිබීම වර්ථමාන ආණ්ඩුව තමන්ගේ උවමනාවන්ට අනුව ක්‍රීඩාව හසුරුවන අවස්ථාවන් හී එම ක්‍රියාවන්ට ජාතික ඔලිම්පික් කමිටු සුරේෂ් සුබ්‍රමණියම්ගේ නම ද ඇතුළත් කර ජාත්‍යන්තර වාසි ලබා ගැනීමට යාම ගැන අවිනිශ්චිත තත්ත්වයක් ඇති කරයි.
මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ වෘත්තීය සහ තවත් වෘත්තීයන් කිහිපයකට පමණක් ක්‍රීඩාව තුළ ජාතික මට්ටමෙන් ක්‍රීඩා නොකළ ද ක්‍රීඩා සංගම්වල තනතුරුවලට පත්වීමට සුදුසුකමක් ලෙස නම් කිරීමෙන් වෙනත් වෘත්තීන්ට සිඳු කර ඇති අගෞරවය සහ නොසළකා හැරිම සහ පහත හෙළිම ගැන යම් සමාජ සාකච්ඡාවක් සිඳුවෙමින් ඇත.එසේම එම පාඨයම පාදක කරගෙන ක්‍රීඩා අමාත්‍යංශයටම අයත් වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ නාම යෝජනාවක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල් කරගෙන මලල ක්‍රීඩා සංගමයේ බලය ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්නට සිඳු වී ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලය සම්බන්ධයෙන් විවිධ විවේචන සහිත ඉතිහාසයට වත්මන් අමාත්‍යවරයා විසින් එකතු කර ඇති තත්ත්වය වන්නේ ඔහුගේ ආශිර්වාදය ඇතුව තාවකාලික නව පරිපාලන දේහයන් ඇති කිරීමට පමණක් නොව ඒවායේ ව්‍යස්ථාව පවා වෙනස් කිරීමට අනුබල දීමය.මෙවැනි කාරණාවලදී සුරේෂ් සුබ්‍රමනියම් ගැලවිජ්ජාව වෙනුවෙන් යොදා ගැනීමට කල්පනා කළ ද ඌෂා ඉන්දීය ආණ්ඩුවේ සංශෝධනයට එකඟ වී තිබියදී අයිසීසී එය නොසළකා හැරීම ලංකාවේ හැසිරීම් සම්බන්ධයෙන් සිතිය යුතු බරපතල තත්ත්වයකි.
ඔලිම්පික් පරිපාලනයේ ව්‍යහුය වෙනස් එකකි.ශ්‍රී ලංකාව ඇතුළත ගත්ත ද රගර් පරිපාලනය සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ගත් තීරණය ජාතික ඔලිම්පික් කමිටුවම පිළි නොගන්නා බව කීවේය.
අමාත්‍යවරයා විසින් නිල බලයෙන් පත් වූ කණ්ඩායම විසුරුවා,වෙනම පරිපාලන ඒකකයක් පත් කර තිබියදී,ආසියානු රගර් සම්මේලනය ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කර කාල සටහන් පවා සකසා තිබියදී ආසියානු ඔලිම්පික් සංගමය පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ නිර්දේශ සහ නිගමන මත ඇතුළත් කර නොගන්නේනම් තමන්ට ආසියානු ක්‍රීඩා උළෙලෙන් රගර් ක්‍රීඩාව ඉවත් කිරීමට හැකි බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන මේ වන විට රටවල් ආමන්ත්‍රණය කරන්නේ ක්‍රීඩාවේ නොසළකා හරින ලද ප්‍රජාවන්ගේ කාරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය හරහා ය.එසේම මේ වන විට ක්‍රීකට් ද ඔලිම්පික් ක්‍රීඩාවක් මට්ටමට පිළිගැනෙමින් තිබෙන අතර එම කාරණා ද අවධානයට යොමු විය යුතුව ඇත.
ඉන්දීය සංශෝධන සළකා බැලීමේදී පහත සඳහන් කාරණා ඊට ඇතුළත්ව ඇත.
ක්‍රීඩා ආශ්‍රිත ආරවුල් විනිශ්චය කිරීම සඳහා ජාතික ක්‍රීඩා මණ්ඩලයක් සහ ජාතික ක්‍රීඩා විනිශ්චය සභාවක් පිහිටුවීමට මධ්‍යම රජයට බලය පැවරෙනු ඇත. ඊට අමතරව, ජාතික මත්ද්‍රව්‍ය විරෝධී පනත් කෙටුම්පත 2022 ජාතික මත්ද්‍රව්‍ය විරෝධී පනත සංශෝධනය කිරීමට උත්සාහ කරන අතර රට තුළ ඉහළ යන මත්ද්‍රව්‍ය උල්ලංඝනයන්ට ප්‍රතිචාර වශයෙන් මත්ද්‍රව්‍ය විරෝධී නීති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ආයතනයක් සහ ක්‍රීඩාවල මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මණ්ඩලයක් පිහිටුවනු ඇත.
මෙවැනි තත්ත්වයන් දෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සෑහීමකට පත් කිරීමට නම් ඉන්දීය රජය මෙන්ම ඉන්දීය ඔලිම්පික් කමිටුවට ද එයින් ක්‍රීඩාවේ ස්වාධීනත්වයට හානියක් නොවන බව පෙන්වීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කරන්නට සිඳුවනු ඇත.
ක්‍රීඩාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ඇති බව සහතික කිරීම සඳහා සහ නීති රීති සහ රෙගුලාසි සැකසීම ඔලිම්පික් ප්‍රඥප්තියේ අදාළ නීතිරීතිවලට අනුකූල බව සහතික කිරීම සඳහා අදාළ රජයේ බලධාරීන් සහ ඉන්දීය ඔලිම්පික් සංගමයට උදව් කිරීමට සහ ඵලදායී ලෙස කටයුතු කිරීමට IOC සැමවිටම සූදානම්ය.”
එහි අදහස එය තව දුරටත් ආණ්ඩුවේ දේශපාලන බලපෑමෙන් තොර බව කියා පෑමට සංශෝධනය විය යුතු බවය.
එවැනි තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය බලය භාවිතා කර පත් කරන ලද තාවකාලික පරිපාලන ව්‍යහුයක් එම ක්‍රීඩාවේ ව්‍යවස්ථාවෙන් බලය පැවරී තිබූ කොටස් නොසළකා හැර,ඔවුන්ගේ විරෝධය මත බලය තීරණය කිරීමේ අයිතිය වෙනත් පිරිසකට පැවරීමට කටයුතු කිරීම ගැන අයිඕසී එකඟ වෙනු ඇද්ද?මේ වන විට අමාත්‍යවරයාගේ සංශෝධන මත බලය පවරා ගන්නට හැකි පිරිස ලෙස සංශෝධන මඟින් වගකීම ප්‍රදානය වූ පිරිස් නිලවරණය සඳහා විධිමත්ව නාම යෝජනාවක් භාර දිය නොහැකි මට්ටමේ අය බව හෙළිදරුව් වී ඇත.එසේම අමාත්‍යවරයා සිය තනතුර ද සමඟ සුවිහේෂි කළ තනතුරු කිහිපයෙන් වෙනත් වෘත්තීන්ට වෙන පහත් කර සැළකීම ද පොදු දේශපාලන සංස්කෘතියක වැඩ කරන ජනතාවට නායකත්වය දීමේ සටන් පාඨ සමඟ වෘත්තීන් කිහිපයක් ප්‍රභූත්වයට පත් කිරීමත් ලෝක මට්ටමෙන් පමණක් නොව ඔවුන් ජනතාවට සමීප කළ දේශපාලන දෘෂ්ඨිවාදය අනුව ගත් විටද අවුල් සහගත තත්ත්වයකි.
ඉන්දියාවෙන් ගිවිසුම් නොපෙන්වා වුව ද එහි ඇති බලය හරහා රටට උපකාරයක් ගැනීමට,ක්‍රීඩාවට පහසුකම් ලබා ගැනීමට අප විරුද්ධ නැත.එසේම ඔවුන් වරද්දන තැන්වලින් අපි නිවැරදි වන්නට ද ඉගෙන ගන්නේනම් මේ එසේ නිවැරදිවීමට මොහොත කර ගත හැකිය.
