අහෝසි කරනවා කියූ PTA තවමත් ක්‍රියාත්මකයි – මානව හිමිකම් කවුන්සිලයෙනුත් වාර්තාවක්!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොණු කර තිබෙන මහ කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබාදුන්නද එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තැබීමට කටයුතු කරන බවයි අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම තවදුරටත් අත්හිටුවීම, එය අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නව නීති කෙටුම්පතක් හඳුන්වාදීම වේගවත් කළයුතු බව මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.

මෙරට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී එක්රැස්වීම හා භාෂණයට පවතින නිදහස අනිසි අන්දමින් සීමාකරන නීති සහ යෝජිත නීති අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසද මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 3 වනදා දක්වා පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊට සහභාගී වනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP එක නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වය වපුරනවා – නාමල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : ජාතික ජන බලවේගය...

රජයට රු. කෝටි 12කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : රජයට රුපියල්...

අදත් වෙඩිතැබීමක් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW: ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු...

රාජිත අල්ලස් කොමිසමට!

කොළඹ LNW: අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...