රාජිත අල්ලස් කොමිසමට!

කොළඹ LNW: අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා හිටපු අමාත්‍යවරයා පසුගිය (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබියදී ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදිනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටද ඉදිරිපත් කෙරුණු අතර එහිදී එළඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සේනාරත්න මහතා ධීවර ඇමතිව සිටි සමයේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කැබිනට් අනුමැතියකින් තොරව කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...