කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW :

සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන “කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස්” වෙත, රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ලැබී තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ සොයාගනු ලැබූ බව වාර්තා වේ.

ගුවන් තැපෑල ඔස්සේ කූරියර් පාර්සල් ලෙස එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා තිබෙන බව සඳහන් වේ.

එම මත්ද්‍රව්‍ය තොගයට මත්පෙති 23,642ක්, කොකේන් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 445ක්, මැන්ඩී ග්‍රෑම් 993ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 98ක් අයත් වන අතර, ඒවා කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර ජර්මනිය, චෙක් ජනරජය, සැම්බියා, අමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ, පානදුර, වත්තල, රාජගිරිය සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා ඇති බව වාර්තා වේ.

එම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම නිසා, අදාල ලිපිනයන් පිළිබද රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සොයාබලා ඇති අතර ඒවා සියල්ල ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී ඇත.

වැඩිදුරටත් වාර්තා වන්නේ, එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට රේගු නිලධාරින් පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...