නිශ්මං රණසිංහ සැප්තැම්බර් 03, කොළඹ LNW:
සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු විස්සයි විස්ස තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 175 ට සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.මීට පිළිතුරු ලෙස ලකුණු 176 ක් සොයා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් අගනා ලකුණු 96 ක සබඳතාවයක් පළමු කඩුල්ලට එක් කරනු ලැබුවා.පැතුම් ලකුණුු 55 ක් රැස් කළ අතර කුසල් මෙණ්ඩිස් ලකුණු 38 ක් රැස් කරනු ලැබුවා.එහෙත් නැවත සිම්බාබ්වේ වෙත බර වුණ තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හරවමින් පන්දු 16 දී ලකුණු 41 ක් ලබමින් තරගයේ වීරයා වෙමින් කමිඳු මෙණ්ඩිස් ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගොස් තිබුණ ජය නැවත දෝතට ලබා ගන්නට සමත් වුණා.

එහෙත් එතැන් සිට පැමිණ පිතිකරුවන් නුවණක්කාර අන්දමෙන් ක්‍රීඩා කිරීම වෙනුවට යම් ආකාරයක අනවශ්‍යය ආක්‍රමණශිලී ප්‍රහාරයක නියැලෙන්නට උත්සාහ කළා.ඒ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 96 දී බිඳ වැටුනු පළමු කඩුල්ලත් සමඟ 29 ක් තුළ කඩුලු 5ක් අහිමි වුණා. එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 17 ක් එක් වෙද්දී හයවන කඩුල්ලත් අහිමි කර ගත් ශ්‍රී ලංකාව පන්දු ඕවර් 4 ක් තුළ ලකුණු 36 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටියා.
ඒ වන විට තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට ඇඳ ගැනීම සඳහා හුදෙකලා උත්සාහයක නිරතව සිටි කමිඳු මෙණ්ඩිස් අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි දුෂාන් හේමන්ත සංයමයෙන් යුතුව එහෙත් පසු නොබා වීරියෙන් සහ සැළකිය යුතු වේගයකින් පන්දුවට පහරදීම සඳහා මෙහෙයවමින් මුල් පෙළ පිතිකරුවන් තුළින් දකින්නට නොලැබුණු තැනපත් බවකින් තරගය ජයග්‍රහණය කරා රැඟෙන යාමට දුෂාන් හේමන්තගේ සහය උපරිමයට යොදා ගනු ලැබුවා.

පිත්ත හංගාගෙන ක්‍රීඩා කිරීමට උපදෙස් දෙමින් පන්දුවට පහර දීමේ වාරය තමන් තුළ තබා ගනිමින් අනවශ්‍යය පීඩනයක් නිර්මාණය කර ගැනීම පසෙක ළා දුශාන්ව විශ්වාසයෙන් පන්දුවට පහර දීමට මෙහෙය වූ කමිඳු,ඔහු සහ දුෂාන් අතර හත්වන කඩුල්ලේ නොබිඳුණු සබඳතාවය පන්දු 19 දී වාර්තා වූ ලකුණු 37 ක් බවට පත් කරන්නට සමත් වුණා.දුශාන් පන්දු 9 දී ලැබූ ලකුණු 14 න් ඊට දායකත්වය දැක් වූවා.

ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ ඉණිම ලකුණු 180 සහ 190 අතර රැඳෙනු ඇතැයි සිතිය හැකි මට්ටමක තිබුණ ද,19 සහ 20 පන්දු ඕවර්වලදී ඔවුන්ට කඩුලු 4 ක් අහිමි වෙනවා.පන්දු යැවීමේ දී වඩාත් කැපී පෙණුන පන්දු යවන්නා වූයේ දුෂ්මන්ත චමීරයි.ඔහු සිය පන්දු ඕවර් 4 ලකුණු 30 ට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලම ක්‍රියාව වූයේ පන්දු ඕවර් 20 වෙනුවට වයිට් බෝල 12 ක් සමඟ පන්දු ඕවර් 2 ක් වැඩිපුර යැවීමට සිඳුවීමයි.
සිම්බාබ්වේ ලකුණු පූවරුවට ඉහළම දායකත්වය දැක් වූ බ්‍රයන් බෙනට් ලකුණු 81 ක් රැස් කරනු ලැබුවා.සිකන්දර් රාසාගේ දායකත්වය ලකුණු 28 ක් වූ අතර බෙනට්ගේ ඉණිම සමඟ බැඳුණු විශාලම ලකුණු සම්බන්ධය පැවත් වූ රාසා තෙවන කඩුල්ල සඳහා ලකුණු 50 ක සබඳතාවයක් පැවත්වූවා.
