WhatsApp හි පළමු end-to-end shopping experience එක දියත් කරන බව Meta සමාගම පසුගියදා නිවේදනය කළේය.
මේ අනුව ඉන්දියාවේ WhatsApp පරිශීලකයින්ට chat හරහා සෘජුවම online grocery shopping කිරීමේ පහසුකම සලසා දෙමින් WhatsApp යෙදුමට ‘in-app shopping’ පහසුකම එක්කර තිබේ.
මේ සඳහා ඉන්දියානු e-commerce platform එකක් වන JioMart Meta සමාගම සමග අත්වැල් බැඳගෙන තිබේ.
ඒ අනුව ඉන්දියාවේ WhatsApp භාවිතා කරන්නන්ට දැන් WhatsApp chat එකක් හරහා JioMart business account වෙත පිවිස භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.
මිලියන 400 කට අධික පරිශීලකයින් සිටින WhatsApp හි විශාලතම වෙළඳපොල ඉන්දියාව වන අතර, මෙම නව යෙදුම තුළ shopping service එක සාර්ථක වුවහොත්, අනෙක් රටවල ද මෙම සේවාව ලබාදෙනු ඇති බව බොහෝදෙනා විශ්වාස කරති.
Source: Introducing the First End-to-End Shopping Experience on WhatsApp With JioMart in India
ඡවිනි අභයසිංහ | Outbound Today