පත්තර මිලත් ගුවන්ගත වෙන්න සූදානම් – ඉරිදා පත්තරයක් 250 යි ?

Date:

පවත්නා ඉහළ උද්ධමන තත්වය හේතුවෙන් භාණ්ඩ මිල දිනපතා ඉහළ යමින් තිබෙනවා. වෙනදා රුපියලකින්, දෙකකින් ඉහළ ගිය භාණ්ඩවල මිල පවා එකවර 100 කින්, 200 කින් ඉහළ යන මට්ටමට උද්ධමනය ඉහළ ගොස් තිබේ.

මාස කිහිපයකට පෙර රුපියල් 60 කට අලෙවි වූ පාන් රාත්තලක් මේ වනවිට රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කඩදාසි, තීන්ත ඇතුළු අමුද්‍රව්‍යවල මිල දිනෙන් දිනම ඉහළ යාම හේතුවෙන් පුවත්පත්වල මිල ඉහළ දැමීමටද යෝජනා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙනි.

අමුද්‍රව්‍ය මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති හෙයින් දිනපතා පුවත්පතක මිල රුපියල් 100 දක්වාත් ඉරිදා පුවත්පතක මිල රුපියල් 200 – 250 දක්වාත් ඉහල දැමිය යුතු බවටයි ජනමාධ්‍ය ලේකම්වරයා යෝජනා කර තිබෙන්නේ.

කෙසේ නමුත් එම යෝජනාවට පුවත්පත් හිමිකරුවන්ගෙන් විරෝධය එල්ල වී තිබේ. ඔවුන් පවසා තිබෙන්නේ එවැනි මට්ටමකට පුවත්පතක මිල ඉහළ දැමුවහොත් අලෙවිය බොහෝ සෙයින් අඩුවනු ඇති බවයි.

ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් මේ වනවිටත් පුවත්පත් අලෙවිය සැළකිය යුතු අන්දමකින් පහත වැටී ඇති බව පෙන්වා දෙන පුවත්පත් හිමිකරුවන් පවසන්නේ 250 ක් වැනි ඉහළ මිලක් නියම කළහොත් පුවත්පත් අලෙවිය සම්පූර්ණයෙන් බිඳවැටෙනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...