සෞදි තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාරයක් පිලිපීන සේවකයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 03 :
ඉරානය විසින් එල්ල කළ බව කියන ප්‍රහාරයකින් සෞදි අරාබියට අයත් තෙල් ප්‍රවාහන නෞකාවක සේවය කළ පිලිපීන නාවිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞදි අරාබිය පවසයි.

සෞදි ජාතික නාවික සමාගම වන Bahri සතු Sidr නමැති සුපිරි තෙල් ප්‍රවාහන නෞකාව අගෝස්තු 31 වනදා රාත්‍රියේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී ආරක්ෂක සිද්ධියකට මුහුණ දී තිබේ.

Bahri සමාගම පවසන්නේ එම සිද්ධියෙන් තම පිලිපීන නාවිකයන් දෙදෙනෙකු මියගිය බවයි. නෞකාවට ප්‍රහාරයක් එල්ල වූ බවට සමුද්‍රීය ආරක්ෂක ආයතනද තොරතුරු වාර්තා කර තිබේ.

සෞදි විදේශ අමාත්‍යාංශය මෙම සිද්ධිය ඉරානය විසින් Sidr නෞකාවට එල්ල කළ ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී එය දැඩි ලෙස හෙළා දැක තිබේ.

කෙසේ වෙතත්, ඉරානය මෙම ප්‍රහාරයේ වගකීම පිළිගෙන නොමැත. ඉරාන පාර්ශ්වය මීට පෙර සඳහන් කර තිබුණේ නෞකා දෙකක් අනවසර මාර්ගයකින් ගමන් කිරීමේදී බෝම්බවලට ගැටීමෙන් ගිනිගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...