රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, කොළඹ LNW :
ශ්රී ලංකාවේ ප්රථම සජීවීකරණ සිනමාපටය වූ ‘දුටුගැමුණු’ චිත්රපටය නිර්මාණය කළ ප්රවීණ කලාකරු ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්රාප්ත වී ඇත.
වයස අවුරුදු 73 දී අභාවප්රාප්ත වූ ඒ මහතා, මෙරට සිනමා සහ රූපවාහිනී ක්ෂේත්රයේ දෘශ්ය ප්රයෝග සහ සජීවීකරණ තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.
‘ඔහු සිනමා තාක්ෂණය පිළිබඳ ‘සිනමා – මායා’ වැනි වටිනා ග්රන්ථ රචනා කර ඇති අතර, ජාතික රූපවාහිනියේ අධ්යක්ෂ ජනරාල් ධුරය ද හොබවා ඇත.
චිත්ර කලාව, කැමරාකරණය සහ වේශ නිරූපණය වැනි විවිධ කලා අංශයන්හි නිපුණත්වයක් දැක්වූ ඔහු මෙරට සිනමා ව්යාකරණය පෝෂණය කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කළේය.
ශ්රී ලාංකේය සිනමාවට නව තාක්ෂණික මානයන් හඳුන්වා දුන් මෙම අසමසම කලාකරුවාගේ නික්මයාම මෙරට කලා ක්ෂේත්රයට පිරවිය නොහැකි විශාල පාඩුවකි.


