*
Monday, December 16, 2024
spot_img

Latest Posts

චමරිගේ පෙළහරෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්

චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පළමු ⁣විස්සයි විස්ස ජයග්‍රහණයට හිමිකම් කියන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුණා.පළමු තරගයේ දී පහසුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට මුහුණ දුන් එංගලන්ත කණ්ඩායම පිතිකරණ නාමාවලියේ වෙනසක් නොකළ ද,එම විශ්වාසය පදනම් කර ගනිමින් පන්දු යැවීමේ බල ඇණිය වෙනස් කර තිබුණා.

එහෙත් දින දෙකකට පෙර දුටු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඊයේ සපුරා වෙනස් වී සිටි අතර,ඔවුන් එංගලන්ත පිතිකාරිණියන්ට මුල සිටම දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් වුණා.එහි ප්‍රතිඵලයක් විදිහට එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර් 18 ක් නිමවෙද්දී,ලකුණු 104 ට සියල්ල දැවී ගියා.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රනාන්දු,උදේශිකා ප්‍රබෝධනී,ඉනෝකා රණවීර සහ කවීශා දිල්හාරි කඩුලු දෙක බැඟින් ලබා ගත්තා.නායිකාව හැටියට පන්දු යැවීමේ අභියෝගයට ආරම්භක පන්දු යවන්නිය ලෙස මුහුණ දෙමින් චමරි,පන්දු ඕවර් 3 ක් යවා ලකුණු 11 ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක්ද ලබා ගන්නට සමත් වුණා.

ශ්‍රී ලංකාව ලකුණු 104 ක ඉලක්කයට පන්දු ඕවර් 13.2 දී සමීප කරන්නට මුල් වෙමින් චමරි ක්‍රියාත්මක කළ ප්‍රහාරාත්මක පිති හරඹයෙන් ශ්‍රී ලංකා ඉණිමට පන්දු 31 දී ලකුණු 55 ක් හිමි වුණා.

එම පහරදීම මෙන්ම පන්දු යැවීමද ගැන තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ ශ්‍රී ලංකා පුහුණුකරු පෙන්වා දුන්නේ දැනටත් ශ්‍රේණිගත කිරීම්වල පිතිකාරිණියක් ලෙස පෙරමුණේ සිටින චමරි පිතිකාරිණියක් පමණක් නොව ලොව සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක්ද වන බවය.

ඇයගෙන් පහළ වූ දැවන්ත හයේ පහර දෙකින් එකක් පිටියෙන් පිටත රැදුණු අතර ඒ ගැන මලින්ද පැවසුවේ චමරි පහරදෙන විට ක්‍රීඩකයෙක් පහර දෙන ආකාරයට හැම අතින්ම සමාන බවය.

ජයග්‍රාහී රිද්මය චමරිගෙන් පසුව ද ඒ ආකාරයෙන්ම පවත්වා ගත් තරුණ ක්‍රීඩිකාවන් වන හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න ඊයේ නැවත වරක් ලෝකයට ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිතිකරණයේ හෙට දවස ද පැහැපත් බවය.

වර්ථමානයේ ශ්‍රී ලංකා පන්දු රැකීමේ ක්‍රියාවලියේ සුවිශේෂීම ක්‍රීඩිකාවක් වන කවීශා දිල්හාරි අනාගතයේ ලෝකයට අභියෝග කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස වැඩෙමින් සිටියි.එංගලන්ත එරෙහි ඓතිහාසික ජයටද ඉහළ දායකත්වයක් දෙමින් ඊයෙ ඇය පන්දු ඕවර් 3 ක් ලකුණු 17 සීමා කරමින් කඩුලු 2 ක් දවා ගත්තාය.

තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසීමට හැකිය.

Result
ENG WMN vs SL WMN, 2nd T20I
Sri Lanka Women tour of England

ENG-W 104
SL-W 110/2
SL WMN won by 8 wickets (with 40 balls remaining)

Click here to view more @espncricinfo : https://www.espncricinfo.com/series/sri-lanka-women-in-england-2023-1336069/england-women-vs-sri-lanka-women-2nd-t20i-1336081/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan