එජාප – සජබ එකතු වෙනවාද ? – මුජිබර්ගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමක් ගැන එජාපය සහ ජනතා විමුක්ති පෙරමුණ පතුරුවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.

“අද මේ ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයින්ට වඩා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියෙන් ඉන්නවාය කියන එක සියලු දෙනාම පිළිඅරගෙන තියෙනවා. හැම සමීක්ෂණ වාර්තාවකම තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඉදිරියෙන්ම ඉන්නෙ කියලා. ඒ ප්‍රතිශතය සියයට පහකින්ද, එකකින්ද, දෙකකින්ද, සියයට දහයකින්ද කියන එක වැඩක් නෑ. ඉතින් එහෙම තියෙද්දී අපි මොකටද ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක එකතු වෙන්නෙ ? අපට එහෙම අවශ්‍යතාවයක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපටත් ඇමතිකම් දෙන්න එක එක දේවල් යෝජනා කළා. අපි පැහැදිලිව කිව්වා ඔබතුමා මේ එකතුවෙලා ඉන්නෙ මේ රටේ ආර්ථිකය විනාශ කරපු කණ්ඩායමත් එක්ක, ඉතින් ඒ කණ්ඩායමත් එක්ක එකතුවෙලා අපට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ගමනක් යන්න ඕනෙ නෑ. අද මේ රටේ සියලු ජනකොටස්, සියලු ජනතාව සමගි ජන බලවේගයේ සන්ධානයත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඉතින් එහෙම තියෙද්දී අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි එකතුවෙලා ඉන්නවා ලු. මම කියන්න කැමතියි අපට එහෙම එකතු වෙන්න අපට ඔළුවෙ මඤ්ඤං නෑ. ජනතා විමුක්ති පෙරමුණට සමහරවිට ආශාවක් ඇති අපි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යනවා නම්. ඒගොල්ලන්ගෙ හිතේ බලාපොරොත්තුවක් ඇති. අපේ හිතේ නම් එහෙම බලාපොරොත්තු නෑ. මොකද ජනතා විමුක්ති පෙරමුණත් ඉතින් කාලෙන් කාලෙට එක එක අයත් එක්ක ගිය කට්ටියනෙ. ඒගොල්ලො මහින්ද රාජපක්ෂත් එක්ක ගියා, චන්ද්‍රිකාත් එක්ක ගියා, මහින්ද රාජපක්ෂගෙ බලය ගොඩනඟන්න විශාල වැඩකොටසක් කළා. ඉතින් අපට එහෙම අවශ්‍යතාවයක් නෑ. අද සමගි ජන බලවේගයට රනිල් වික්‍රමසිංහ එක්ක යන්න හෝ වෙන කාගෙ එක්ක යන්න හෝ එහෙම වුවමනාවක් නෑ”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...