*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳ ජනාධිපති නිවේදනය මැතිවරණ නීති උල්ලංඝණය කරනවාද ?

ප්‍රකාශයට පත් කර තිබෙන 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ලබා දීම සැප්තැම්බර් 04 ආරම්භ වීමට නියමිත ය.

සැප්තැම්බර් 02 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ 2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දමන බවයි.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක දී මෙලෙස රාජ්‍ය සේවයකන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ගත් තීරණ පිළිබඳ නිවේදන නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් ද?

මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.

වැටුප් වැඩිවෙන්නේ කාට ද?

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ උදය ආර්. සෙනවිරත්න සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි සැප්තැම්බර් 02 දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ මූලික වැටුප, 2025 ජනවාරි 01 සිට පහළ ම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා 50%ට වැඩි අගයක් දක්වා ඉහළ නැංවේ.

එහි දී පහත රජයේ සේවකයන් සඳහා වැඩි වැටුප් හිමිවීමට නියමිත ය.

  • කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා
  • රියදුරන් සඳහා
  • සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්
  • කලමණාකාර සහකාර
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක/ පවුල් සෞඛ්‍ය සේවිකා
  • විකිරණවේදී/ ඖෂධවේදී
  • හෙද නිලධාරී
  • විදුහල්පති
  • ගුරු සේවය
  • පොලිස් නිලධාරී
  • ග්‍රාම නිලධාරී
  • පරිපාලන සේවය
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස්
  • ප්‍රාදේශීය ලේකම්/ අධ්‍යක්ෂ/ කොමසාරිස්/ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්
  • වෛද්‍ය නිලධාරී
  • රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්ව විද්‍යාල සහ ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන්

‘මැතිවරණයට බාධාවක්’

අදාල නිවේදනය සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් සිදු කළ විමසීමක දී කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ එය මැතිවරණයට බාධාවක් බවයි.

“මේ වගේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන අවස්ථාවක දී සහ, තැපැල් ඡන්ද පැවැත්වෙන්න නියමිත අවස්ථාවක දී මෙහෙම ප්‍රකාශයක් නිකුත් කරනවා කියන්නේ ම ඒක මැතිවරණයට බාධාවක්.”

එහි දී බීබීසී සිංහල විමසා සිටියේ එම ප්‍රකාශය හරහා යම් අපේක්ෂකයෙකු වක්‍රාකාරයෙන් ප්‍රවර්ධනය වීමේ හැකියාවක් පවතින්නේ ද යන්නයි. “මේ හරහා අපේක්ෂයෙකු ප්‍රවර්ධනය කරනවා,” යැයි කොමසාරිස් ජනරාල්වරයා එහි දී ප්‍රකාශ කළේ ය.

‘ඩැමේජ් එක වෙලා ඉවරයි’

මෙම නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මඟින් පරීක්ෂණයක් සිදු කරන්නේ දැයි එහි දී බීබීසී සිංහල විසින් විමසූ විට කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ “අපට රිපෝට් එක ආවොත් ඒක මැතිවරණ කොමිසමට දාලා පරීක්ෂණයක් කරනවා. නමුත් එතකොට ඩැමේජ් එක වෙලා ඉවරයි. හෙට තැපැල් ඡන්ද තියෙද්දි නෙ මෙහෙම ගහලා තියෙන්නේ,” යනුවෙනි.

“මේ රටේ ඉන්න එම්බසිඩර්ස්ලායි මේ රටේ මිනිස්සුයි දැනගන්න ඕනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන තැන.”

“අපට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා,” ඔහු පැවසුවේ ය.

‘පැහැදිලිව ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්’

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීම, හෙටින් පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද විමසීම ඉලක්ක කොට සිදුකළ එකක් බව මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

දීර්ඝ කාලයක් පුරාවට ක්‍රියාවට නැංවෙන දේශපාලඥයින්ගේ උපක්‍රමයක් ලෙස මෙලෙස මැතිවරණයක් ආසන්නයේ රාජ්‍ය සේවයකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම පුදුමයක් නොවන බව ද ඔහු පැවසුවේය.

“ජනාධිපතිවරයා විසින් තමන්ගේ ජනාධිපති මාධ්‍ය අංශය උපයෝගී කර ගනිමින් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම නීති උල්ලංඝණය කිරීමක්. මොකද ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ රාජ්‍ය දේපළක්.”

“ඒ වගේම මැතිවරණ නීතිය අනුව වැරදි දෙකක් සිදුකරනවා. එකක් අයුතු බලපෑමක් කිරීම. මේ හරහා ඔහුගේ ධුරය පවා අහිමි විය හැකි බරපතල මැතිවරණ වැරැද්දක් සිදුකර තිබෙන්නේ.”

“1981 අංක 15 දරණ ජනාධිපතිවරණ මැතිවරණ පනතේ 1 සහ 2 කියන වගන්තිය අනුව වැටුප් වැඩි කරනවා කියලා තැපැල් ඡන්දය පෙනෙන මානයේ සිදුකරන්නේ රාජ්‍ය සේවකයින්ට අයුතු බලපෑමක්.”

“ඒ වගේම ජනාධිපතිවරණ මැතිවරණ පනතේ අංක 79 වගන්තිය ඔහු උල්ලංඝණය කර තිබෙනවා. ඒ ‘ප්‍රතිෂ්ඨාවක්’ ලබා දීම හරහා. මොකද පොරොන්දු දීලා සංග්‍රහ කිරීමක්, අල්ලස් දීමක් තමයි මේ හරහා බලාපොරොත්තු වන්නේ.”

“මේක බලාත්මක වෙන්නේ ජනවාරි 01 වෙනිදා සිටයි. මැතිවරණයේ නීති උල්ලංඝණය කිරීමක් මේ හරහා පැහැදිලිව සිදුවෙලා තිබෙනවා.” ඔහු පැවසුවේය.

~ BBC සිංහල සේවය

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan