ජනාධිපතිවරණයේ පළමු වටය – තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකෙරේ.

එසේම ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට ද අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම ඔවුන්ට සැප්තැම්බර් 06 වනදා ද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවේ.

අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල සහ ත්‍රිවිධ හමුදා කඳවුරුවල කාර්ය මණ්ඩල සඳහා හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලැබේ.

අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් මස 11 සහ 12 යන දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී සුදුසුකම් ලබා සිටින තැපැල් ඡන්දදායකයින් සංඛ්‍යාව 712,319 දෙනෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...