36 වසරකට පෙර නික්ම ගිය ඔහු සොයා ඇය ද නික්ම යයි ….!

Date:

88 – 89 භීෂණ සමයේ ඝාතනයට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු මෙන්ම එහි හිටපු භාණ්ඩාගාරිකවරයෙකු ද වූ ටියුඩර් කීර්තිනන්ද මහතාගේ ආදරණීය බිරිඳ වූ කමලා කීර්තිනන්ද මහත්මිය 2024 සැප්තැම්බර් 02 වනදා අභාවප්‍රාප්ත වූවා ය.

නාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ නීතීඥ ටියුඩර් කීර්තිනන්ද මහතා 1988 ඔක්තෝබර් 21 වනදා නාවල හන්දියේ සිරිමල් ගාඩ්න්ස් ඉදිරිපිට දී ඝාතනයට ලක්වූයේ සිය මෝටර් රථයෙන් උසාවි යමින් සිටියදී ය. ඔහුගේ බිරිඳ වූ කමලා කීර්තිනන්ද මහත්මිය ද ඒ මෝටර් රථයේ සිටියා ය. ගුරුවරියක වූ ඇය ඔහුත් සමග නිවසෙන් පිටවී තිබුණේ පාසලට යාම සඳහා ය. ටියුඩර් කීර්තිනන්ද මහතාගේ හිසට වෙඩිතැබූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් එයින් සෑහීමට පත් නොවී මෝටර් රථයට බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කළහ. ටියුඩර් කීර්තිනන්ද මහතා එතැනම ජීවිතක්ෂයට පත්වූ අතර බරපතළ තුවාල ලැබූ කමලා කීර්තිනන්ද මහත්මියගේ වම් පාදය දණහිසට පහළින් කපා ඉවත් කිරීමට සිදුවිය.

නීතීඥ ටියුඩර් කීර්තිනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරන ලද්දේ ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ, 1973 වසරේදී ය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්වූයේ ඒ අවස්ථාවේදීම ය. කමලා කීර්තිනන්ද මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (03) පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව සියල්ලන්ම ඉදිරියේ සිහිපත් කළේය.

1935 සැප්තැම්බර් 24 වනදා උපන් කමලා කීර්තිනන්ද මහත්මිය මියයන විට 89 වැනි වියේ පසු වූවාය. ඒ මහත්මිය කොළඹ ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ලැබූ ගුරුවරියකි.

ටියුඩර් කීර්තිනන්ද සහ කමලා කීර්තිනන්ද යුවලට දරුවන් තිදෙනෙකි. වැඩිමල් දියණිය මෙරට ප්‍රමුඛතම සිනමාවේදිනියක් වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මියයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති, නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා ඔවුන්ගේ පුත්‍රයා වන අතර බාමල දියණිය වන ප්‍රශාන්ති කීර්තිනන්ද මේ වනවිට එංගලන්තයේ වාසය කරයි.

කමලා කීර්තිනන්ද මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (04) බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

වමේ සිට පිළිවෙලින් – ප්‍රශාන්ති, ටියුඩර් කීර්තිනන්ද, කමලා කීර්තිනන්ද, ඉනෝකා සත්‍යාංශනී, පණ්ඩුක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...