*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසියේදී රටේ සෙරමික් සහ වීදුරු කර්මාන්ත බලගැන්වීම සඳහා සිය ප්‍රමුඛ භූමිකාව අවදාරණය කළේය.

ලිට්‍රෝ ගෑස් විසින් අනුග්‍රහය දක්වන ලද මෙම තාක්ෂණික සැසිය තුලදී, ඉතා වැදගත් අංශ වන බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාරභාවය සහ නවෝත්පාදන යන මාතෘකා කෙරෙහි අවධානය යොමු කරන ලදී. ලිට්‍රෝ හි සහයෝගීතාවය , විශේෂයෙන්ම ආර්ථික අර්බුද සහ අඛණ්ඩ සැපයුම් ලබාදීමේ අභියෝග පවතින කාල පරාස තුළ අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සහ බලශක්ති අත්‍යවශ්‍ය කර්මාන්තවල වර්ධනයට සහාය වීම සඳහා එහි දිගුකාලීන කැපවීම අවධාරණය කරයි.

2024/2025 ධුර කාලය සඳහා සභාපති ධූරය සඳහා අත්දැකීම් සම්භාරයකින් පිරිපුන් සහ නව දැක්මක් සහිත අරවින්ද පෙරේරා මහතා පත් කිරීම ද මෙම රැස්වීමේදී සිදු කරනු ලැබීය.

ගෑස් කර්මාන්තයේ ප්‍රවීණයකු වන ඉන්දියාවේ පූනේ ගෑස් සහ ලංකා ගෑස්ටෙක් සභාපත ජයිසීන් සම්පට් මහතා අනාගත තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා බලශක්ති සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කළේය. ඔහු LP ගෑස් භාවිතයේ නව ප්‍රවණතා ඉස්මතු කළ අතර, දිගුකාලීනව කර්මාන්තයේ සාර්ථකත්වය සඳහා වඩාත් තිරසාර බලශක්ති භාවිතයන් වෙත මාරුවීම අවධාරණය කළේය.

වසර ගණනාවක් පුරා, සෙරමික් සහ වීදුරු අංශය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවරව පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ඉපැයීම් සඳහා ප්‍රධාන දායකයෙකු ලෙස මතු වී ඇත. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් දළ වශයෙන් 2-3% ක් පමණ මෙම ක්ෂේත්‍රවලින් වන අතර, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා මෙම කර්මාන්ත සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.

මෑත කාලීන මූල්‍ය අර්බුදය තුළ නිෂ්පාදන මෙහෙයුම් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් මහඟු දායකත්වයක් ලබාදීමත් සමඟ අභියෝගාත්මක කාලවලදී විශ්වාසනීය බලශක්ති සැපයුම්කරු ලෙස කර්මාන්තයේ ස්ථාවරත්වයට ප්‍රබල ලෙස සහාය වී ඇත. මෙම ස්ථාවරත්වය නිසා නිෂ්පාදකයන්ට අපනයන කටයුතු තිරසාරව පවත්වා ගැනීමටත් ජාත්‍යන්තර ඉල්ලුම සපුරාලීමටත් හැකි විය.

ලිට්‍රෝ ගෑස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැවසුවේ ලිට්‍රෝ සමාගම සෑම විටම කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් විශේෂයෙන් සෙරමික් සහ වීදුරු අංශයන් ජාතික ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සපයන්නන් වන බැවින් ඔවුන් කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් බවත්ය. ජාතික LP ගෑස් සැපයුම්කරු ලෙස, අපි ස්ථාවර ගෑස් සැපයුමක් සහතික කරන අතර බාධාවකින් තොරව නිෂ්පාදනයට සහ වර්ධනයට සහාය වීම සඳහා තාක්ෂණික උපදේශ ලබා දෙන බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සැපයුම්කරු ලෙස, ලිට්‍රෝ මෙම අවස්ථාවට සම්බන්ධ වීම මඟින් මහා පරිමාණ කර්මාන්ත සඳහා සහාය වීමට ඔවුන්ගේ දැඩි කැපවීම අවධාරනය කරන අතර නව්‍ය සහ තිරසාර බලශක්ති විසඳුම් සඳහා මූලිකත්වය ගැනීම තහවුරු කරයි. LP ගෑස් අඛණ්ඩව සැපයීම සහතික කිරීම මගින් ලිට්‍රෝ විසින් සෙරමික් සහ වීදුරු අංශයන්වලදී ජාත්‍යන්තර වශයෙන් තරඟකාරීව සිටීමට එම කර්මාන්තකරුවන්ට සහ ජාතියේ ආර්ථික දියුණුවට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

තාක්ෂණික සැසිය තුළදී දිගුකාලීන බලශක්ති ප්‍රවණතා සහ නව්‍ය තාක්ෂණයන් කේන්ද්‍ර කරගත් සාකච්ඡා සමඟින් කර්මාන්තය තුළ අනාගත බලශක්ති භාවිතයන් පිළිබඳවද ගැඹුරින් අධ්‍යයනය කරන ලදී. ලිට්‍රෝ ගෑස් ලංකා, එහි ශක්තිමත් අලෙවි සහ බෙදාහැරීම් ජාලය සහ පුළුල් කර්මාන්ත හවුල්කාරිත්වයන් සමඟ, ප්‍රමාණවත් සැපයුම් දාමයන් සහ අති නවීන බලශක්ති කළමනාකරණ උපාය මාර්ග හරහා ව්‍යාපාර සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට හොඳින් සූදානම්වි සිටි.

ශ්‍රී ලංකා සෙරමික් සහ වීදුරු නිපදවන්නන්ගේ කවුන්සිලය සහ ලිට්‍රෝ සමඟ ඇති හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ඔවුන්ගේ තත්ත්වය යළි තහවුරු කරමින් කාර්මාන්ත දියුණුව බලගැන්වීමේ සමාගමේ ඇති කැපවීමට තවත් සාක්ෂියකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan