මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පැවැත්වූ ‘අදහස් හුවමාරු කරගැනීමේ’ වැඩසටහනට සහභාගී වේ

Date:

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියන් එක්ස්ප්‍රස් (Indian Express) පුවත්පත පැවැත්වූ ‘අදහස් හුවමාරු කරගැනීමේ’ වැඩසටහනට සහභාගී වේ

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත 2022 සැප්තැම්බර් 1 වැනි දින පැවැත්වූ ‘අදහස් හුවමාරු කරගැනීමේ’ වැඩසටහන සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඇරයුම් කරන ලදී. මෙම වැඩසටහන නොයිඩා හි පිහිටි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් මූලස්ථානයේ දී පැවැත්විණි.

ඉන්දියන් එක්ස්ප්‍රස් හි ජ්‍යෙෂ්ඨ කතෘවරුන්ගේ කාර්ය මණ්ඩලය සමඟ සිදු කරන අදහස් හුවමාරුවක් ලෙස පවත්වනු ලබන මෙම වැඩසටහන මඟින්  සෑම සතියකට වරක් කැපී පෙනෙන පුද්ගලයකු පිළිබඳව පළ කරනු ලැබේ. මෙම වැඩසටහනේ ආකෘතියට අනුව, කතෘවරු සිය අමුත්තන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කරන අතර, ඉන් අනතුරුව සාකච්ඡාවක් පැවැත්වේ. සාකච්ඡාවේ අන්තර්ගතය සෑම සඳුදා දිනකම පුවත්පතේ සම්පූර්ණ පිටුවක පළ කරනු ලැබේ.

පුවත්පතේ ප්‍රධාන කතෘ වන රාජ් කමල් ජා ප්‍රමුඛ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතෘවරු මෙම වැඩසටහන අතරතුර මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවණතා, ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා යන කරුණු මෙම ප්‍රශ්නාවලිය මඟින් විශාල වශයෙන් ආවරණය කෙරිණි. මෙම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශුභජිත් රෝයි විසින් මෙහෙයවන ලදී.

1932 වර්ෂයේ දී ආරම්භ කරන ලද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ඉන්දියාවේ දෛනිකව පළ වන ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතකි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 සැප්තැම්බර් 02 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...