ශ්‍රී ලංකාවට සහ සිංගප්පූරුවට දැවන්ත ජයග්‍රහණ

Date:

ආසියානු දැල්පන්දු සූරතාවලිය අරඹමින් පැවති පළමු තරගයෙන් ජපානයට දැවන්ත පරාජයක් අත් කරදෙමින් සිංගප්පූරුව ජයග්‍රහණය කළේ ලකුණු 103 – 2 ක් ලෙස ය.දෙවන තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කළේ ලකුණු 102 – 14 ලෙස ය.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ පළමු කාර්තුවට එකතු කළ ක්‍රීඩිකා සංයුතිය ඉන්දීය කණ්ඩායමට කිසිඳු අවස්ථාවක් නොඳුන් අතර එම කාර්තුව නිමා වූයේ 34 – 2 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිමින්ය.කුසලතා අතින් ඇති පරතරය සළකා නව අත්හදා බැලීම් සඳහා ශ්‍රී ලංකාව පෙළඹුනද,චතුරංගි ජයසූරිය සහ ගයනි දිසානායකගේ ආරක්ෂාවෙන් ඉන්දියාවට සිදු වූයේ තවත් පීඩාවට ලක් වෙන්නටය.එහි ප්‍රතිපලය වූයේ ඉන්දියාවට දෙවන කාර්තුවේ එක ලකුණකින් සීමා වෙන්නටය.ශ්‍රී ලංකා කණ්ඩායමට ද පළමු වටයේ පෑ හපන්කම් ප්‍රමාණවත් පරිදි කරන්නට ඉඩ නොලැබුණු අතර ඔවුන්ට ද දෙවන කාර්තුවේ ලැබුණේ ලකුණු 24 කි.ඒ අනුව දෙවන කාර්තුව නිමාවන විට ලකුණු පූවරුව 58 – 03 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

තෙවන කාර්තුවේ වෙනස්කම් අතරින් රිංගා ගිය ඉන්දියාව ලංකාවට ලබා ගන්නට දුන්නේ ලකුණු 21 ක් පමණි.එසේම ඔවුන් ද ප්‍රබල ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 7 ක් ම ලැබුවේය.තෙවන කාර්තුව මුල ද ඉන්දීය ආක්‍රමණය තරමක් වැඩි වූ නිසා යළිත් ගෝල් ඇටෑක් ස්ථානයට දුලංගි වන්නිතිලක කැඳවීය.එතැන සිට යළිත් දුලංගි – තර්ජණී යහපත් සුසංයෝගය ඉන්දීය දැළ අසල ලකුණු මවන්නට වූ අතර ඉන්දියාවට ශ්‍රී ලංකා ආරක්ෂයන් අභිබවා යා හැකි තත්ත්වයක් නොමැති විය,ඒ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවට එරෙහිව ලකුණු 4 පමණි.

තර්ජනීගේ සහ දුලංගිගෙ යහ සම්බන්ධය දක්වා පෑහෙමින්,චතුරංගි,ගයනි,ගයංජලී,දීපිකා වැනි ක්‍රීඩිකාවන් තරගයේ රිද්මය අල්ලගෙන සිටි ආකාරය මෙහිදී කැපී පෙණින.නමුත් තරගයේ කාර්තු හතරම එකම ශක්තියකින් ක්‍රීඩා කළ හැකි 2018 සූරියන්ට,තරමක් දුරින් පසුවන

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...