උත්තර ලංකා සභාගයේ සභාපති විමල් – ජාතික සංවිධායක වාසු

Date:

ස්වාධීන පක්ෂ එකමුතුවේ සන්ධානය පිහිටුවීම අද මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි. නව සන්ධානය උත්තර ලංකා සභාගය ලෙස නම්කර තිබෙනවා.

නව සන්ධානයේ සභාපතිවරයා ලෙස, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා තෝරාගෙන ඇති අතර සන්ධානයේ ලේකම් තනතුර, කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජී. වීරසිංහ මහතාට හිමිව තිබේ.

ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පත්කර තිබෙනවා. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සහ සමසමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරණ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙසත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නියෝජ්‍ය ලේකම්වරයා ලෙසත් පත්කර ඇත.

අතුරලියේ රතන හිමි අනුශාසකවරයා ලෙස කටයුතු කරයි.

මීට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරුන් පත්කර ඇති අතර විධායක සභාවේ වැඩි ප්‍රතිශතයක් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට හිමිව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...