සටහන – රුවන් නෙළුගොල්ල
කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල අද (04) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ.
අද (04) අලුයම 03.00 ට පමණ කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක උඩු මහලක සිටි පුද්ගලයෙක් එළිමහනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කරගෙන මෙසේ වෙඩිතබා ඇත.
එහිදී එක් කාන්තාවක් වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති අතර ඇයව ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
පෞද්ගලික හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


