අද (04) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.
එයින් පසු පක්ෂය මෙහෙයවීමේ කටයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරෙනු ඇති බවත් වාර්තා විය.
(මීටපෙර ද සිකුරාදා දිනයන්හි අල්ලස් කොමිසමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ හිටපු මැති ඇමතිවරුන් බොහෝවිට අත්අඩංගුවට ගෙන, සවස් වරුවේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු දක්නට ලැබී ඇත.)


