භුතාන සිසුන්ට ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපාසාකච්ජා කර තිබේ.

ඒ,අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ පැවැත්වෙන 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට අග්‍රාමාත්‍යවරිය භූතානය වෙත ගොස් සිටින අතරතුරය.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එම ද්විපාර්ශ්වික සාකච්ජාවේදී අවධානය යොමුව තිබේ.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කර ඇති අතර දෙරටේසිසුන්, අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන ආයතන සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම එහි අරමුණු විය.

අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට මෙහිදී දෙපාර්ශ්වය එකඟ වී තිබේ. එම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ලේකම් මට්ටමින් ප්‍රධානත්වය දරන ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට ද එකඟතාව පළ විය. එම කමිටුව වාර්ෂිකව රැස්වී ප්‍රගතිය සමාලෝචනය කිරීම, නව සහයෝගීතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ එකඟ වූ ක්‍රියාකාරකම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සිදු කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම, අධ්‍යයන හා ආචාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ පර්යේෂණ සහ විශ්වවිද්‍යාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනඥයින් සහ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධාන කිරීම මෙන්ම අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහ භාවිතයන් හුවමාරු කර ගැනීම යන කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ යාන්ත්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීම, සිසුන් අතර සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. දරුවන්ගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය, යහපැවැත්ම සහ ගුණාත්මක අධ්‍යාපනය සඳහා ඔවුන්ට ඇති ප්‍රවේශය තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති අතර, විශේෂයෙන් දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව (MBBS) සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා අවස්ථා පුළුල් කිරීම මෙන්ම දෙරටේ විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික ආයතන අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...