අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික යාත්‍රාවේ අතුරුදහන් නිලධාරියාගේ බවට සැක දේහයක් හමුවෙයි!

කොළඹ LNW:අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය සොයාගෙන ති‌බේ.

අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් යාත්‍රාවෙන් සොයා ගෙන ඇති අතර පසුගිය අගෝස්තු මස 15 වන දින මෙම වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය.

එම අවස්ථාවේදී එහි සිටි නාවිකයින් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ එම ප්‍රදේශයේ ධීවරයින්ගේ සහාය ඇතිව බේරා ගෙන තිබුණි.

එම අනතුරින් අනතුරුදන්ව සිටි නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලද බව නාවික හමුදාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...