ජාජබ අපේක්ෂකයකු විදුලි සැර වැදීමෙන් මරුට !

Date:

තම එළවලු වගාව ආරක්ෂා කරගැනීම සඳහා ඇද තිබුණු අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මයිකල් ඇකියුලස් ද සිල්වා මහතා මියගොස් තිබේ.

නුවර එළිය ශාන්තිපුර පදිංචි 62 හැවිරිදි එක්දරු පියෙකු වන ඒ මහතා 2023 පළාත් සභා මැතිවරණයේදී නුවර එළිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරගවැදීමට නාමයෝජනා භාරදී තිබුණු අතර ප්‍රාදේශීය සභා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය. ඒ මහතා ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු ද විය.

මයිකල් ඇකියුලස් මහතා තම එළවලු වගාවට වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා තම නිවසේ විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක ආධාරයෙන් සෘජුවම විදුලි සැපයුමක් ලබාගෙන කම්බි ඇද ඔහු විසින්ම සකස් කරගත් විදුලි වැටෙහි අත් පැටළීමෙන් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරේදා (02) උදෑසන ඒ මහතා විදුලිසැර වැදීමෙන් මියයන්නට ඇතැයි සැලකෙන අතර ඔහුගේ දේහය අසල්වාසීන් කිහිපදෙනෙකු විසින් සොයාගෙන තිබුණේ එදින පස්වරුවේ ය.

මයිකල් ඇකියුලස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (05) ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...