අදත් (04) ප්‍රදේශ රැසකට වැසි

Date:

අද (04) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද (04) දින දහවල් 12:09 ට කොච්චිකඩේ, මාවනැල්ල, පේරාදෙණිය, ගලහිටියාව (බදුල්ල දිස්ත්‍රික්කය), දානිගල (මොණරාගල දිස්ත්‍රික්කය) සහ පරගහකැලේ (අම්පාර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කින්නියා නගර සභාව සහ නෙළුව ප්‍රාදේශීය සභාව සජබෙට!

කොළඹ LNW:ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ බලය සමඟි ජන...

මැදපෙරදිග ගිනියම් වෙයි: ඉරාන-ඊශ්‍රායල යුධ ගැටුම ලෝක යුද්ධයක ආරම්භයද?

සටහන – ඔවින්දි විෂ්මිකාජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ජුනි...

සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට...

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...