මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමින් රනිල් ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නැති බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් මවා පාන බවත් මෙම ප්‍රකාශ සිදු කරන්නේ තමා 2019 ජනාධිපතිවරණයට ඉල්ලන විට ගෝඨාභය එක්ක ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අයම බවත් මේ අයගේ මනස විකෘති වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අයට දිය හැකි පිළිතුර වශයෙන් විපක්ෂ නායකවරයා ලෙස තමා ජනාධිපතිවරණයට පෙනී සිටින බවත් මොවුන් තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට ප්‍රවෘත්ති පළ කර සිටීමෙන් තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානමක් ඇති බවක් පෙනී යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තවද කිසිදු අවස්ථාවක තමා මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ “කෘෂි උදාව” වැඩසටහන යටතේ වසර 40කට පසු සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් කිරිදිඔය ව්‍යාපාරයට අයත් දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනි. මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමෙන් නතර වී තිබුණු කිරිදිඔය ව්‍යාපාරයේ දකුණු ඇළේ කිලෝමීටර 26ක ජලජ පැලෑටි සහ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට රුපියල් ලක්ෂ 25ක් ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති අතර ඒ අනුව එම ව්‍යාපෘතියේ කටයුතු ඊයේ ආරම්භ කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට...

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...