ළමා මෙහෙකාර සේවයේ සීඝ්‍ර වැඩිවීමක්; ILO

Date:

උද්ධමනය ඉහළ යාම සහ ඉන් පසුව ඇති වූ ජීවන වියදම මෙන්ම යුක්රේනයේ යුද්ධය හේතුවෙන් ඇති වූ ආහාර සහ බලශක්ති මිල ඉහළ යාමත්, කෝවිඩ් බලපෑම ආදී දුෂ්කරතාවයන් හේතුවෙන් දරුවන් පාසලෙන් ඉවත් කර රැකියාවලට ඇද දැමීම නිසා මිලියන සංඛ්‍යාත දරුවන්ගේ අනාගතය අවදානමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල් Gilbert Houngbo පවසා තිබේ.

2020 මුල් භාගයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව ළමුන් මිලියන 160 පමණ පිරිසක් ළමා ශ්‍රමිකයන් වශයෙන් හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරයක් ලිංගික වශයෙන් සුරාකෑමටද ලක්වන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) පවසන්නේ උද්ධමනය සහ ඉහළ යන ජීවන වියදම දරුවන්ට විවිධ ආකාරවලින් බලපාන බවයි.

යුනිසෙෆ් හි සමාජ ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ නටාලියා වින්ඩර්-රොසි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, අඩු, මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන රටවල සහ කෘෂිකර්මය, පතල් කැණීම් සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍රවල ළමා ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොදවා ඇති අතර බොහෝ පවුල් සෘණාත්මක උපාය මාර්ග වෙත යොමුව ඇති බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...