හැන්ග්ෂූ පදක්කම් නෙලන්නට ඇති උස අඩු කරන්නට නැන්ජින්වලට ගොඩ වෙයි

Date:

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගැනීමට විශාල ඉඩක් ඇති මලල ක්‍රිඩා ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් සති තුනක කාලයක් පුහුණුවීම් සඳහා චීනයේ නැන්ජින් වෙත යැවීමට කටයුතු සිඳු කර තිබෙනවා.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය,ජාතික ඔලිම්පික් කමිටුව,චීන මලල ක්‍රීඩා සංගමය එක්ව සම්බන්ධිකරණය කරන මෙම සති තුනක පුහුණු පාඨමාලාවට අනුග්‍රහයෙන් දායක දැක්වීම සඳහා චීන ඔලිම්පික් කමිටුවේ එකඟතාවය දිනා දෙන්නට ජාතික ඔලිමිපික් කමිටුවට හැකි වී තිබෙනවා.


චීනයේ හැන්ග්ෂු හී පැවත්වෙන මෙවර ආසියාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිතව සිඳු කරන මෙම පුහුණු සංචාරයෙන් පසුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් ආසියානු ක්‍රීඩා උළෙල නියේජනය කරන්නට පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතයි.
පුහුණුව ලබන ප්‍රදේශය සහ තරගාවලිය පැවත්වෙන හැන්ග්ෂු අතර ඇති ගමන් දුර කිලෝ මීටර් 230 ට මදක් වැඩි වීම නිසා ඔවුන්ට පුහුණුව නිමා කර තරගාවලියට එක්වීමේදී වැඩි වෙහෙසක් දරන්නට සිඳු නොවීමත් වැදගත් එකක් හැටියට ගත හැකියි.


මේ පුහුණුව සඳහා යවන ලද මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමණාකරු ලෙස මුද්දික තුෂාර කටයුතු කරන අතර පුහුණුකරුවෙක් ලෙස කණ්ඩායම සමඟ විමුක්ති ද සොයිසා ද එක්ව සිටිනවා.
කාලිංග කුමාර,අරුණ දර්ශණ,පබසර නිකූ,රාජිත රාජකරුණා,පසිඳු කොඩිකාර,දිනුක දේශාන්,නදීශා රාමනායක,ජයත්‍රි උත්තරා සහ සයුරි මෙණ්ඩිස් මෙම පුහුණුව සඳහා නික්ම ගිය මලල ක්‍රීඩා කණ්ඩායමට අයත් වෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...