මෙවැනි ප්‍රකාශයක් කිරීම අගතිගාමීයි – රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විමර්ශනය වෙමින් තිබියදී අන්තර්ජාලය ඔස්සේ ඇතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කර ඇති බව පවසන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා කොළඹ දිසා අධිකර්ණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ තම කීර්තිනාමයට හා රාජකාරී දිවියට අගතියක් වී ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසඳය 2021 ඔක්තෝම්බර් 23 දින සූම් තාක්ෂණය ඔස්සේ කළ සාකච්ජාවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව සුරේෂ් සලේ මහතා එම නඩුව පවරා ඇරති අතර,මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමා සූම් තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහනක දී එම ප්‍රකාශය කර ඇති බවත්, ජාතික හා අන්තර්ජාතික වශයෙන් එම ප්‍රකාශය ප්‍රසිද්ධවීමත් සමඟ තමන්ට පමණක් නොව තම දරුවන්ට ද අගතියක් සිදු වූ බව සලේ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ නඩුව විභාගකළ අතර විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිට ඇති අතර, එමඟින් සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දියක් අයකර දෙන ලෙස ද පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

අපහාසාත්මක ප්‍රකාශය අන්තර්ගත CD පටයක්ද පැමිණිලිකරු විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් සලේ මහතා තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

“මගේ සේවා කාලය අවුරුදු 36ක්. මෙම ප්‍රකාශ මගේ දරුවන්ට පුද්ගලිකව තර්ජනයක් වුණා. ප්‍රකාශ තුළින් සමාජ මතයක් ගොඩනැගීම නිසා රාජකාරියට දැඩි බලපෑමක් එල්ල කරනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පාස්කු සම්බන්ධයෙන් නඩු විභාගයක් පවතින අතරතුර මෙවන් ප්‍රකාශ කිරීම තුළින් සමාජයට වෙනත් අර්ථකථනයක් ඉස්මතු කරනවා. විශේෂයෙන් මගේ නම සඳහන් කරලා මෙවැනි ප්‍රකාශයක් කිරීම අගතිගාමීයි. මගේ පවුලේ හතරදෙනෙක් ඉන්නවා තුන්දෙනෙක්ම යුද හමුදාවේ සේවය කරලා රට වෙනුවෙන් අතපය පවා දන් දීලා තියෙනවා. මගේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්න සිදුවුණා. මෙම ප්‍රකාශය පුද්ගලිකව දැඩි පීඩනයක් එල්ල කළා.”

අදාළ කරුණු තහවුරු කරමින් පෙත්සම්කරු විසින් දිවුරුම් ප්‍රකාශයක් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර,විත්තිකාර පියතුමා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා සමඟ නීතිඥ විමල් රත්වත්ත මහත්වරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අනතුරුව දෙපාර්ශ්වය කරුණු සලකා බැලූ දිසාවිනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 25 වනදාට කල්තබා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...