අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු දස දහසක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 05, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) 2024 පාසල් වාරය සඳහා අවුරුදු 19 න් පහළ පාසල් තරගාවලියේ 1, 2, සහ 3 යන අංශ ආවරණය වන පරිදි ක්‍රීඩා කරන පාසල් 490ක් අතර ක්‍රිකට් පන්දු 10,000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව තිබෙනවා.එහි සමාරම්ය සටහන් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලට පන්දු ප්‍රදානය කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී පාසල් නායකයින්, ස්ථානාධිපතිවරුන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහභාගි වූ අතර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි උප සභාපති ප්‍රසන්න සෙනෙවිරත්න, ලේකම් ලීලානන්ද කුමාරසිරි,භාණ්ඩාගාරික ඩී.එම්. රාජරත්න, සහකාර ලේකම් කමල් ඉන්ද්‍රජිත් ද එක්ව සිටියහ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මංපෙත් වැඩසටහන යටතේ දිවයිනේ පාසල් හරහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රිකට් පන්දු ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වැඩසටහනේ කොටසක් වන අතර වයස අවුරුදු 13, 15 සහ 17 යන වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩා කරන පාසල්වලට ද පන්දු පිරිනැමීම සිඳු කරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...