රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):
ගෙවී ගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දකින්නට ලැබෙන අතර, ඊයේ (09/04) දිනයේත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් පෙන්නුම් කරනු ලැබීය.
එනම් බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි.
මීට පෙර සතියේ මෙම අගයන් 80 ඉක්මවී ගිය අතර එය ඊයේ වන විට සීඝ්‍රලෙස පහත වැටී තිබෙන අතර, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ යෑම ලංකාවේ ඉන්ධන මිල පහළ යෑමට ද ඉදිරියේදී හේතුවක් වනු ඇති බව ආර්ථික විශ්ලේශකයන්ගේ අදහස වේ.