*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

මතක තියා ගන්න අපි මේ රටේ ස්ථාවරම ආණ්ඩුව හදනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි – අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):

” අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන එක පොදු ජනතාව බාරගෙන ඉවරයි. කලින් ඒ ගොල්ලෝ කිය කියා හිටියා ‘අයියෝ ජාතික ජන බලවේගය 3%යි නේ. ඒක කොහොමද 51% වෙන්නේ’ කියලා. දැන් රනිල් කියන්න පටන් අරන් අපි දිනුවොත් රට අනතුරේ කියලා. කුරුණෑගල පැත්තේ මන්ත්‍රීවරයෙක් කියනවා ජාතික ජන බලවේගය දිනුවොත් 22දාට රටේ මහා කලබලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා කියලා. සජබෙ තව කාන්තාවක් කියනවා, අපි දින්නොත් මාස 6ක්වත් ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා. දිනන්න තියා හිතන්නවත් බැහැ කියලා ඔවුන් කලින් කිවුවා. දැන් කියනවා ‘දිනුවොත්’ කියලා”.

‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ රැලිය – ජාඇල දී අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අලුත් පාර්ලිමේන්තුව රැස් වන තුරු ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බවද ඔහු කියා සිටියේය.

පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ අපයි. දැන් අපේ ජයග්‍රහණය සහතික කරන්නේ ඔවුන් විසින්මයි. සතියකට කලින් සජබයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ සජිත්-රනිල් එකතු නොවුනොත් ඒ ගොල්ලෝ පරාදයි කියලා කිවුවා. අද (04) අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කෑ ගහලා කියනවා එකතු වුණේ නැතිනම් පරාදයි කියලා. ඒ නිසා ඊට විරෝධය පා අද සිට ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රිවරයෙක් වෙන බව කියනවා. ඊළඟට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියලා රනිල් කියනවා. ඒ නිසා ‘සජිත්ට ඡන්දය නොදී තමන්ට ඡන්දය දෙන්න’ කියලා එයා කියනවා. ‘රනිල් කොහොමත් පරදිනවා. ජාතික ජන බලවේගය දිනන එක වළක්වන්න නම් සජිත්ට ඡන්දය දෙන්න’ කියලා සජිත්ගේ කට්ටිය කියනවා. දැන් මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? දැන් ඒ ගොල්ලෝ පරාජය බාරගෙන ඉවරයි කියන එකයි. ඒ නිසා අපිට විරුද්ධව කතා ගොතන්න, අවලාද නගන්න, අසත්‍ය චෝදනා කරන තත්වයකට ඒ ගොල්ලෝ පත්වී තිබෙනවා. ඒ මොනවා කළත් ජාතික ජන බලවේගය මේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මොන ජගතෙකුටවත් ආපසු හරවන්න බැහැ.

අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන එක පොදු ජනතාව බාරගෙන ඉවරයි. කලින් ඒ ගොල්ලෝ කිය කියා හිටියා ‘අයියෝ ජාතික ජන බලවේගය 3%යි නේ. ඒක කොහොමද 51% වෙන්නේ’ කියලා. දැන් රනිල් කියන්න පටන් අරන් අපි දිනුවොත් රට අනතුරේ කියලා. කුරුණෑගල පැත්තේ මන්ත්‍රීවරයෙක් කියනවා ජාතික ජන බලවේගය දිනුවොත් 22දාට රටේ මහා කලබලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා කියලා. සජබෙ තව කාන්තාවක් කියනවා, අපි දින්නොත් මාස 6ක්වත් ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා. දිනන්න තියා හිතන්නවත් බැහැ කියලා ඔවුන් කලින් කිවුවා. දැන් කියනවා ‘දිනුවොත්’ කියලා. ‘ජාතික ජන බලවේගය දිනුවොත් ඔබගේ ඌරු කොටුව නැතිවෙනවා’ කියනවා. ඒ කියන්නේ කොටුවට ඒ ගොල්ලෝ එනවා කියලා හිතලාද දන්නේ නැහැ. ජාඇල තිබෙන ඌරුකොටු වහලා ඒ ගොල්ලෝ ඌරු කොටුවල ගැටගහයි කියලා බයද දන්නේ නැහැ. ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී ඔවුන් කිවුවා, අපට දිනන්න බැහැ කියලා. මැදදි කියනවා දිනුවොත් කියලා. 22දාට කියයි ‘අපෝ අප්පච්චියේ ඒ ගොල්ලෝ දිනන්නේ’ කියලා. මේ ජයග්‍රහණය දැන් කාටවත් ආපසු හරවන්න බැහැ. ඒ නිසා ජයග්‍රහණයෙන් පස්සේ අපි යන මාවත ගැන අපි පොඩ්ඩක් කථා කරමු.

අපි මැති ඇමතිවරුන්ට දෙන කාර් පර්මිට් අහෝසි කරනවා. ‘මරික් කාර් පර්මිට්’ද අහෝසි කරනවා. මේ සැරේ කතිරය හරියට ගහන්න. ගෙදර යැවිය යුතු අය ගෙදර යවන්න පුළුවන් එවිටයි. මේ 21 වැනිදා ගහන කතිරයෙන් ගෙදර යන්නේ රනිල් විතරක් නොවෙයි. මේක හරි බලවත් කතිරයක්. අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ යෙදිලා තිබෙනවා. දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. අවලාදවලට ලක්වෙලා තිබෙනවා. මාස 06න් ගෙදර යන්න අපි ආණ්ඩු හදනවාද? නැහැ. මතක තියා ගන්න අපි මේ රටේ ස්ථාවරම ආණ්ඩුව හදනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ස්ථිරභාවය දැනටම මේ රටේ ජනතාව තහවුරු කරලා ඉවරයි” ලෙස NPP නායක අනුර දිසානායක පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan