රනිල්ගේ සහ අනුරගේ කටකතා වලට සජිත්ගෙන් පිළිතුරු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හවුලක් ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත් සමගි ජන බලවේගය රට විනාශ කළ අය සමග එවන් කිසිදු ආකාරයේ හවුලකට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අපට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙලා තිබෙන බොහෝ දේවල් කරන්නට බැරිය කියපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් තරගෙට එස්. එම්. එස්. පණිවිඩ හරහා රටට කියනවා ඒගොල්ලොත් සමගි ජන බලවේගයේ අඩිපාරේ එනවාලු. මම ඒගොල්ලන්ට කියන්න කැමතියි අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක අද ජනතා විමුක්ති පෙරමුණයි ජනාධිපතිවරයායි එකට එකතුවෙලා බොරුවට කටකතා හදලා මුහුණු පොතේ සහ විවිධ වෙබ්සයිට්වලට මුදල් ගෙවලා ප්‍රවෘත්ති දමනවා. අපි එක්කහු වෙනවාලු. මම ඔබට කියන්න කැමතියි 21 වෙනිදාට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලා අපි එකතුවෙන්නෙ මේ රටේ ලක්ෂ 220ක් පොදු ජනතාව එක්කයි. අපි මේ ජරාජීර්ණ වුණු, පරාජිත, අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නෙ නෑ. මං දන්නවා ජනාධිපතිවරයාටයි මාලිමාවේ නායකවරයාටයි ලොකු ආසාවක් තියෙනවා එකතුවෙන්න. ඒ දෙන්නාට ඕනෙ නම් එකතුවෙන්න පුළුවන්. සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් මොනම හේතුවකටවත් ඔය රට විනාශ කරන කල්ලි එක්ක එකතු වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගාල්ලේදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුල්ලෝ නුඹේ තාලෙන්! පියාඹන්න ආසයි… ලෝකයේ ලස්සනම අත්තටු හිමිකරුවන්!

සටහන – පුලී සැප්තැම්බර් 01, කොළඹ (LNW): පසුගිය වසර කිහිපය...

උතුරු කොරියාවේ Kim Jong Un නව මිසයිල නිෂ්පාදනය ගැන අවධානයෙන් …

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ කිම්...

‘ජීවිතයේ දෙවන අවස්ථාවක් : ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW: ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ...