නේපාලයේ Facebook, X අවකාශය සහ Youtube අක්‍රිය කෙරේ!

කොළඹ LNW:නේපාල රජය නිකුත් කර ඇති සමාජ මාධ්‍ය ජාලා ලියාපදිංචි රෙගුලාසිවලට අනුකූලව තම සමාජ මාධ්‍ය වේදිකා ලියාපදිංචි නොකළ සියලු සමාජ මාධ්‍ය ජාලා වේදිකා පසුගිය සැප්තැම්බර් හතර (04) වෙනි දින සිට අක්‍රිය කිරීමට නේපාල නේපාල සන්නිවේදනා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය තීරණය කර ඇත. “ලියාපදිංචි නොකළ සමාජ මාධ්‍ය වේදිකා අද සිට අක්‍රිය කරන” බව එම අමාත්‍යංශ ප්‍රකාශක (Gajendra Kumar Thakur) ගජෙන්ද්‍ර කුමාර් තාකුර් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.නමුත් එසේ ලියාපදිංචි කර නොමැති සමාජ මාධ්‍ය ජාලා වේදිකා ලියාපදිංචි කිරීමට ලබන බදාදා දිනය දක්වා (13) කාලය ලබාදීමට ද රජය තීරණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය (Prithvi Subba Gurung) ප්‍රිත්වි සුබා මහතා කියා ඇත්තේ,
” මෙම සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට රජයේ නීතියට අනුකූලව ලියාපදිංචි වීමට කාලය ලබා දුන් නමුත්,ඔවුන් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා එම සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම් වසා දැමීමට රජයට සිදු වූ ” බවය.

නේපාලයේ විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර සඳහා ගිණුම් ඇති මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සිටින සමාජ මාධ්‍ය වේදිකා ලියාපදිංචි කර දේශීය පැවැත්මක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කරන 2023 නියෝග අනුගමනය කරමින් අන්තර්ජාල සීමා කිරීම් සිදු කර ඇත.

එතැන් සිට විධිමත් ලෙස ලියාපදිංචි වී ඇත්තේ TikTok සහ Viber ඇතුළුව පස් දෙනෙකු පමණක් වන අතර තවත් දෙදෙනෙකු එම ක්‍රියාවලියේ නියැලී සිටී.එසේ ලියාපදිංචි වී නොමැති Facebook, Instagram සහ WhatsApp හිමිකාරීත්වය දරන Meta, YouTube මව් සමාගම් වන Alphabet, X, Reddit සහ LinkedIn ආයතන වලට ලබන බදාදා වන විට ලියාපදිංචි වන ලෙස ද නේපාල රජය ඉල්ලා සිටී.

නේපාල ඩිජිටල් අයිතිවාසිකම් සභාපති (Bhola Nath Dhungana) භෝලා නාත් ධුන්ගනා ගේ අදහස වන්නේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම වරදක් නොවේ, නමුත් එය බලාත්මක කිරීම සඳහා අපට පළමුව නීතිමය යටිතල පහසුකම් තිබිය යුතුය.මෙම හදිසි වසා දැමීම රජයේ සමාජ මාධ්‍ය ජාලා පාලනයේ ප්‍රවේශය පෙන්නුම් කරන බවත්,එය මහජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සෘජුවම පහර දීමක්,” බව ධුන්ගනා පවසයි.

උපුල් ජනක ජයසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...