පාන් පිටිවලට රත්තරං කුඩු දාලාද මෙහෙම මිල වැඩිවෙන්නේ ? – අසේල සම්පත් (VIDEO)

Date:

සීනිවලටත් එහා ගිය මාෆියාවක් මේ වනවිට පාන් පිටි වෙළඳාම තුළ ක්‍රියාත්මක වන බවත් වහාම රජය මැදිහත්ව මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු බවත් මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.

“මේ වෙලාවේ පාන් පිටි මිල පාලනය කරන්න ඕනෙ. මාෆියාකාරයින්ට ඉඩදීලා හිටියොත් වෙන්නෙ රටේ මිනිස්සු කුසගින්නේ ඉන්න එක. අද චූන් පාන් වාහනයක් හොයන්න නෑ. අද හෝටල්වල එළවලු රොටියක්, පේස්ට්‍රියක්, පරාටයක්, බිත්තර රොටියක්, මේ කිසිදෙයක් දාන්න විදියක් නෑ. ඇයි ? පාන් පිටිවල ප්‍රමිතිය නෑ. වෙනදා පාන් පිටි එන්නෙ සීතල රටවලින්.

දැන් ඉන්දියාවෙන් ගේන එකත් නැවැත්තුවා, මොකද ඉන්දියාවෙ අතිරික්තයක් තිබිලා ඒක තමයි මෙහෙ ගෙනල්ලා, ගබඩා කරලා, රුපියල් 200ට තිබුණ එක 260 වුණා, 300 වුණා, 310 වුණා, දැන් අද 400 – 414 වුණා. මේ එකම ගෙනාපු පාන් පිටි ටික ලෝඩ් කර කර විකුණනවා. අතරමැදියො ගාණ කපනවා, අහිංසක මිනිස්සු බඩගින්නෙ ! කර්මාන්ත කඩාවැටිලා. දැන් ගිහින් බලන්න බේකරි කීයක් වහලාද කියලා ? මේ පාන් පෙත්තක් අද සිට වෙනවා රුපියල් 30ක් මේ රුපියල් 300ට පාන් අලෙවි කරන්න ගියොත්. එහෙම අලෙවි කරන්න හේතුව පාන් පිටි කිලෝව රුපියල් 400 නිසා. මේ කළු කඩ මාෆියාව නිසා අහිංසක පාරිභෝගිකයා තමා සූරාකෑමට ලක්වෙන්නෙ. කරුණාකරලා රජය මේවාට මැදිහත්වෙන්න ඕනෙ. මේ සීනිවලට එහා මාෆියාවක් තමයි පාන් පිටිවලට ක්‍රියාත්මක වෙන්නෙ. හත්වලාමෙ පාන් පිටිවලට රත්තරං කුඩු දාලාද මේ ගාණට දවස ගාණෙ වැඩිවෙන්නෙ ?”

අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...