මේ රටේ අරගලවලින් නායකයො හදන්න බෑ – නාමල් රාජපක්ෂ (VIDEO)

Date:

ප්‍රචණ්ඩත්වයෙන්, අරගලවලින් හෝ කැරලිවලින් මේ රටේ නායකයින් බිහි කළ නොහැකි බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආණ්ඩු වෙනස් කරන්න, ආණ්ඩු පිහිටුවන්න විශ්වාස කරන දේශපාලන පක්ෂ. මේ රටේ නායකයො හදන්න බෑ ප්‍රචණ්ඩත්වයෙන්. එහෙම නැත්නම් අරගලවලින්. එහෙම නැත්නම් කැරලිවලින්. කැරලිවලින් රටට අත්වෙන්නෙ විනාශයක් කියන එක පහුගිය කාලේ ඔප්පු කරලා පෙන්නුවා. නැගෙනහිර ඔබ දශක ගණනාවක් ඒක අත්වින්දා. හැබැයි දකුණෙ සමහර තරුණයින්ට එහෙම අත්දැකීමක් නෑ. දැන් පහුගිය කාලෙ අපි දැක්කා ගෙවල් ගිනිතියලා, මිනිස්සු මරලා, මන්ත්‍රීවරු මරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න බෑ කියන එක. ඒ වගේම රටේ ආර්ථිකය හදන්න බෑ කියන එක. සමහරුන්ට පැය 13ක් විදුලිය නැති එක අරගලයක් වෙන්න පුළුවන්. හැබැයි මඩකළපුවෙ අපෙ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියො හැමදාමත් ජීවත් වෙන්න මහමුහුදත් එක්ක අරගල කරනවා. පිල්ලෙයාන් අමාත්‍යතුමාත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, අපිත් උත්සාහ කරන්නෙ අන්න ඒ අරගලය ජයග්‍රහණය කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් ආණ්ඩුවක් හදන්න”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) මඩකලපුවේදී පිල්ලෙයාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...