300 ට පාන් කන්න සුද්දෝ එයිද මෙහේ ? 70 ට බිත්තරේ කන්න මෙහේ එයිද උන් ? – ලාල්කාන්ත

Date:

මේ රටේ සමාජය අවුල් වී ඇති බැවින් මෙරටට විදේශිකයින් නොපැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“සමාජය අස්ථාවර තැනකට විදේශිකයො යන්නෙ නෑ. බෙහෙතකට හොයාගන්න අමාරු තත්වයක් තියෙන්නෙ, එන්නෙ නෑ. ඇයි එන්නෙ නැත්තෙ ? අපේ රටේ සමාජය කැළඹිලා. සමාජය අවුල්. ‍ඊයෙ බිත්තරේ ගාණ නෙවෙයි අද. මුදලාලිටත් බිත්තරේ ගාණ මතක නෑ. මුදලාලිත් අර බිල අරගෙන තමයි බිත්තරේ කීයද කියලා කියන්නෙ. පාන් රාත්තල කීයද දැන් ? 300 යි. සුද්දො එයිද 300ට පාන් කන්න මෙහෙ ? යනවානෙ යකෝ මාලදිවයිනේ. මෙහෙ එන්නෙ මොකටද ? රුපියල් 65 – 70 ට බිත්තරයක් කන්න මෙහෙ එන්න ඕනෙද උන් ? ඉතින් අනිත් ඒවාත් ගණං. කාමර ගාස්තු ගණං. ඔක්කොම ගණං. නැතුව කරගෙන යන්න බෑ. ත්‍රීවීල් එකේ ගාණ වැඩියි. ඉතින් උන් දන්නවා. ඒ කියන්නෙ සමාජය අස්ථාවරයි”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...