රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW :
යහපත් මාධ්ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ප්රාදේශීය තරුණ මාධ්යවේදී පුහුණු වැඩසටහන ඊයේ (04) ජාතික තරුණ සේවා සභාවේදී ආරම්භ කෙරිණි.
දිවයින පුරා සියලුම ග්රාමසේවා වසම් ආවරණය වන පරිදි විවෘත අයදුම්පත් කැඳවීමෙන් තෝරාගත් තරුණ ප්රාදේශීය මාධ්යවේදීන් 341 දෙනෙකු සහ දෙමළ භාෂා ප්රවීණයන් 16 දෙනෙකු ඇතුළුව 357 දෙනෙකු සඳහා මෙම පුහුණු වැඩසටහන ක්රියාත්මක කෙරේ.
එහි සමාරම්භක අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ්රී ලංකා තරුණ කටයුතු අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සහ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා එක්ව සිටියහ.
මෙහි පළමු පුහුණු සැසිය ජනාධිපති ජ්යෙෂ්ඨ මාධ්ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී.
ඡායාරූපකරණය, වීඩියෝකරණය, නිවේදනය, පුවත්පත් කලාව, සංවර්ධන සන්නිවේදනය, ඩිජිටල් මාධ්ය සහ නව මාධ්ය ඇතුළු මාධ්ය ක්ෂේත්රයේ විවිධ අංශ ආවරණය වන පරිදි මෙම පුහුණු වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.
ග්රාමීය ජනතාවගේ ගැටලු හා අභියෝග ජාතික මට්ටමේ කතාබහකට ගෙන ඒමත්, ජාතික සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ග්රාමීය ජනතාව වෙත සම්ප්රේෂණය කිරීමත් සඳහා දක්ෂ හා වගකීම් සහගත තරුණ මාධ්යවේදීන් පිරිසක් බිහිකිරීම මෙහි ප්රධාන අරමුණ වේ.


