රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW :
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි-විස්ස තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්තය බලා අද (05) පිටත්ව ගිය අතර, සංචාරය ආරම්භ කිරීමට ප්රථම ක්රිකට් ආයතනයේදී ආගමික වතාවත් සිදු කළ අතර, කණ්ඩායම එංගලන්තයේදී තරග හයකට ක්රීඩා කිරීමට නියමිතය. එනම්,ශ්රී ලංකා කණ්ඩායම එංගලන්ත තරග සචාරයේදී එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගිවිමට නියමිතව තිබේ.
ආබාධ හේතුවෙන් කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්රනාන්දු හට විස්සයි-විස්ස තරගාවලිය අහිමි වී ඇති අතර, ඒ වෙනුවට පවන් රත්නායක සහ ඩිල්ෂාන් මදුසංඛ සංචිතයට කැඳවා ඇත.
මෙන්ඩිස්ගේ නොපැමිණීම හේතුවෙන් විස්සයි-විස්ස කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක වෙත පවරා තිබේ.


