සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 05 : වසර 450කට ආසන්න කාලයක් භාවිත වූ සාම්ප්රදායික Mercator සිතියම් වෙනුවට, ලෝකයේ රටවල් සහ මහාද්වීපවල සැබෑ ප්රමාණය වඩාත් නිවැරදිව පෙන්වන සිතියම් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහාය පළ කර තිබේ.
2026 සැප්තැම්බර් 4 වැනිදා සම්මත වූ යෝජනාවෙන් Equal Earth projection ලෙස හැඳින්වෙන සිතියම් ක්රමය ප්රවර්ධනය කිරීමට රටවල් දිරිමත් කර ඇත. යෝජනාවට රටවල් 164ක් පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති අතර ඇමරිකාව පමණක් විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇත.
Mercator projection සිතියම මුලින්ම නිර්මාණය කර තිබුණේ මුහුදු ගමන් සහ නාවික කටයුතු සඳහාය. එහිදී ධ්රැවයන්ට ආසන්න ප්රදේශ විශාලව පෙන්වන නිසා අප්රිකාව, ලතින් ඇමරිකාව සහ දකුණු ආසියාව වැනි සමකයට ආසන්න ප්රදේශ සාපේක්ෂව කුඩා ලෙස පෙනේ.
උදාහරණයක් ලෙස සාම්ප්රදායික සිතියමේ ග්රීන්ලන්තය අප්රිකාවට ආසන්න ප්රමාණයකින් පෙනුණත්, සැබෑ භූමි ප්රමාණයෙන් අප්රිකාව ග්රීන්ලන්තයට වඩා ආසන්න වශයෙන් 14 ගුණයක් විශාලය.
Equal Earth projection මඟින් මහාද්වීපවල භූමි ප්රමාණ අතර සම්බන්ධතාවය වඩාත් නිවැරදිව පෙන්වීමට උත්සාහ කරයි. ඒ නිසා අප්රිකාව, ලතින් ඇමරිකාව සහ ඕෂනියාව වැනි ප්රදේශ පෙර සිතියම්වලට වඩා විශාල ලෙස පෙනෙන අතර යුරෝපය සහ උතුරු ඇමරිකාව සාපේක්ෂව කුඩා ලෙස පෙනේ.
කෙසේ වෙතත්, Mercator සිතියම සම්පූර්ණයෙන් තහනම් කර නොමැති අතර එක්සත් ජාතීන්ගේ යෝජනාව නීතිමය වශයෙන් රටවල් බැඳ තබන්නේ නැති අතර, විශේෂයෙන් නාවික කටයුතු සඳහා Mercator projection එක තවදුරටත් ප්රයෝජනවත් වේ.

