අක්ෂි කාච ගිඟ නෑ ඒක කටකතාවක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රට පුරා අක්ෂි ඒකක ගණනාවක අක්ෂි කාච හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටී.

අදාළ රෝහල්වල අක්ෂි ශල්‍ය කර්ම සාමාන්‍ය පරිදි සිදුවන බව ඒ මහතාවැඩිදුරටත් කියා සිටී.

“මේ වනවිටත් වෛද්‍ය සැපයුම් අංශයේ අක්ෂි කාච විවිධ වූ strength වලින් තියෙනවා. අපි සැත්කම් කරන්නේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්න රෝහල්වල. විශේෂයෙන් ජාතික අක්ෂි රෝහලේ, ශික්ෂණ රෝහල්වලත් අනෙකුත් අක්ෂි ශල්‍ය වෛද්‍යවරු ඉන්න රෝහල්වලත් අපි හොයලා බැලුවා අක්ෂි ශල්‍යකර්ම සාමාන්‍ය විදියට සිදුවෙනවා. ශල්‍යකර්ම කල්දාලා නෑ.”

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, මේ අතර පවතින අක්ෂි කාච තොග අනුවත් ඉදිරියට ඇණවුම් කර ඇති තොග අනුවත් කිසිසේත් අක්ෂි කාච හිඟයක් ඇති නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...