ලක රනින් සළකුණු කළ හැකි ලකුණු පෙන්නන රනිත්මාට උතුරු මැදත්

Date:

නේපාලයේ පැවති අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ දකුණු ආසියාතික බැඩිමින්ටන් සූරතාවලියේදී අවුරුදු 17 න් පහළ කණ්ඩායම් ඉසව්වේ සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන්නට දායකවීමෙන් නොනැවතී,කේවල,යුගල සහ මිශ්‍ර යුගල සූරතාවයන්ද ජය ගන්නට සමත් වූ රනිත්මා ලියනගේ උතුරු මැද පළාත් බැඩිමින්ටන් සංගමය සංවිධානය කරන ලද වීවෘත තරගාවලියේදී ද සූරිය වන්නට සමත් වූවාය.ඇය මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ දී ද,දක්ෂතම බැඩිමින්ටන් ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය.


තරු ගුණය ඇති ක්‍රීඩිකාවක ලෙස ක්‍රමිකව ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් පිටිය ආක්‍රමණය කරමින් සිටින රනිත්මා ගැන ශ්‍රී ලංකාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතුව ඇත.පෙනෙන මානයේ දක්වන දක්ෂතා අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් නොගිය දුරක් යා හැකි මට්ටමට සංවර්ධනය කළ හැකි සළකුණු පාන රනිත්මා දීර්ඝ සැළසුමක් සහිතව ජාත්‍යන්තර ඇසුරට පත් කළ හැකිනම් බැඩිමින්ටන් කේෂ්ත්‍රයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සටහන් කරන ක්‍රීඩිකාවක් වනු ඇත.
මෙම තරගාවලියේ දී කාන්තා අනු සූරතිවය දිනා ගනු ලැබුවේ රශ්මි භාග්‍යා මුදලිගේය.පිරිමි සූරතාවය දිනා ගන්නට ලෝචන ඔෂාන් ද සිල්වා සමත් වූ අතර අනු සූරතාවය දිනා ගනු ලැබුවේ රොෂාන් පද්ම කුමාර ය.තරගාවලියේ ප්‍රදාන සූරතාවයන් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඡායාරූපයේ වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...