ලක රනින් සළකුණු කළ හැකි ලකුණු පෙන්නන රනිත්මාට උතුරු මැදත්

Date:

නේපාලයේ පැවති අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ දකුණු ආසියාතික බැඩිමින්ටන් සූරතාවලියේදී අවුරුදු 17 න් පහළ කණ්ඩායම් ඉසව්වේ සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන්නට දායකවීමෙන් නොනැවතී,කේවල,යුගල සහ මිශ්‍ර යුගල සූරතාවයන්ද ජය ගන්නට සමත් වූ රනිත්මා ලියනගේ උතුරු මැද පළාත් බැඩිමින්ටන් සංගමය සංවිධානය කරන ලද වීවෘත තරගාවලියේදී ද සූරිය වන්නට සමත් වූවාය.ඇය මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ දී ද,දක්ෂතම බැඩිමින්ටන් ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය.


තරු ගුණය ඇති ක්‍රීඩිකාවක ලෙස ක්‍රමිකව ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් පිටිය ආක්‍රමණය කරමින් සිටින රනිත්මා ගැන ශ්‍රී ලංකාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතුව ඇත.පෙනෙන මානයේ දක්වන දක්ෂතා අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් නොගිය දුරක් යා හැකි මට්ටමට සංවර්ධනය කළ හැකි සළකුණු පාන රනිත්මා දීර්ඝ සැළසුමක් සහිතව ජාත්‍යන්තර ඇසුරට පත් කළ හැකිනම් බැඩිමින්ටන් කේෂ්ත්‍රයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සටහන් කරන ක්‍රීඩිකාවක් වනු ඇත.
මෙම තරගාවලියේ දී කාන්තා අනු සූරතිවය දිනා ගනු ලැබුවේ රශ්මි භාග්‍යා මුදලිගේය.පිරිමි සූරතාවය දිනා ගන්නට ලෝචන ඔෂාන් ද සිල්වා සමත් වූ අතර අනු සූරතාවය දිනා ගනු ලැබුවේ රොෂාන් පද්ම කුමාර ය.තරගාවලියේ ප්‍රදාන සූරතාවයන් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඡායාරූපයේ වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...