*
Saturday, May 31, 2025
spot_img

Latest Posts

වැඩ කරන්න නම් රාජ්‍ය ඇමතිවරු ලේකම්ලා ඉල්ලයි!

කොළඹ LNW: රාජ්‍ය අමාත්‍යාංශවල වැඩකටයුතු ඉදිරියට සිදු කරගෙන යෑමට අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

තමන්ට රේඛීය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ තවදුරටත් කටයුතු කිරීම අපහසු බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍යාංශ සතුව පවතින තත්ත්වයන් පිළිබඳව හා විෂය භාර ඇමැතිවරයාගෙන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා එම සකාච්ජාව පවත්වා තිබුණි.

අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ කටයුතු කිරිමේදී පැනනඟින ගැටලු රාශියක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත්, රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර ගැනීමේ අවශ්‍යතාව මෙන්ම, වෙනම විෂය පථයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව ඉතා වැදගත් බවත් සාකච්ඡාවේ දී අවධාරණය කර ඇත.

අදාළ සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍යාංශයන් සඳහා වෙන් වෙන්ව වැය ශීර්ෂයක් ලැබිය යුතු අතර ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින මුදල් වෙන් කිරීම් සිදු කිරීමේ දී ගැටලු මතුවෙන බවද රාජ්‍ය අමාත්‍යවරුන් කියා ඇති බව සඳහන්.

රාජ්‍ය ඇමැතිවරුන්ට තමන්ගේ කාර්යය සිදු කිරීමට අවශ්‍ය සහයෝගය නිසි ආකාරයෙන් විෂය භාර කැබිනට් ඇමැතිවරුන් ලබා නොදීම පිළිබඳව පසුගියදා ජනාධිපතිවරයාට ලිඛිත සංදේශයක්ද භාර දී තිබුණි.

විවිධ අමාත්‍යාංශයන්වල රාජ්‍ය ඇමැතිවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් කඩිනමින් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවද රාජ්‍ය ඇමතිවරු මතුකර තිබේ.

ඒ අනුව විවිධ අමාත්‍යාංශ සතුව පවතින එකිනෙකට වෙනස් විෂය පථයන් පිළිබඳව අවධානය යොමු කරමින් අවශ්‍ය සංශෝධන සිදුකිරීම පිළිබඳව අවධානය යොමු කරන බවත්, කඩිනමින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බව ද සඳහන්.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan